தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
ඉන්දීය හමුදා ප්‍රධානියා සහ ජනාධිපති අතර හමුවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්දීය හමුදා ප්‍රධානියා සහ ජනාධිපති අතර හමුවක්



ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී තිබේ. හමුවීමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනය කරයි.

එහිදී කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් අසල්වාසි රටවල ස්ථාවරභාවය තම රට ඉහළින් අපේක්ෂා කරන බව ඉන්දීය යුද හමුදා ප්‍රධානියා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඉන්දීය සාම සාධක හමුදාව නියෝජනය කරමින් ත්‍රිකුණාමලය 4 කණුව ප්‍රදේශයේ සේවය කළ කාලසීමාවේදී ලද අත්දැකීම් පිළිබඳ මතකය මෙම සංචාරය තුළින් නැවතත් අලුත් කෙරුණු බව ජෙනරාල් මනෝජ් නාරාවන සඳහන් කර තිබේ.