தமிழ்
English
Contact
Monday 22nd April 2019    
ඉන්ධන බදු ඉවත් කර දුම්රිය ගාස්තු වහාම අඩු කරන්න - දුම්රිය සේවය සුරැකීමේ සේවක මගී ව්‍යාපාරය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්ධන බදු ඉවත් කර දුම්රිය ගාස්තු වහාම අඩු කරන්න – දුම්රිය සේවය සුරැකීමේ සේවක මගී ව්‍යාපාරය



දුම්රිය දෙපාර්තමේන්තුවට බදු අය කිරීමෙන් තොරව ඞීසල් ලබා දී, අසාධාරණ ලෙස වැඩි කරන ලද දුම්රිය ගාස්තු වහාම අඩු කරන්නැයි දුම්රිය සේවය සුරැකීමේ සේවක මගී ව්‍යාපාරය ආණ්ඩුවට බල කරයි.

අද (03) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එම ව්‍යාපාරයේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමි පැවසුවේ දුම්රිය ගාස්තු වැඩි කරන්නේ 15%කින් බව ආණ්ඩුව ප‍්‍රකාශ කළත් දුම්රිය ගාස්තු 30%ත් 35%ත් අතර අගයකින් ඉහළ දමා තිබෙන බවය.
2015 වසරේ සිට මේ දක්වා දුම්රිය සේවයට වෙන් කරන ලද මුදල 50%කින් කප්පාදු කර තිබෙන බවත් ඉන්ධන ප‍්‍රවාහනය, භාණ්ඩ ප‍්‍රවාහනය, දුම්රිය සතු ඉඩම් හා සංචාරක බංගලාවලින් ලද ආදායම් අහිමි කර දුම්රිය සේවය ස්වාභාවික මරණයකට පත් කරමින් සිටින බවත් පැවසූ චන්ද්‍රජෝති හිමි එලෙස පාඩු ලබන තත්වයට පත්ව තිබෙන දුම්රිය සේවයේ බර මගී ජනතාව මත පැටවීම හෙළා දකින බවද පැවසීය. දුම්රිය ගාස්තු වහා පහත හෙළන ලෙසත් පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබා දෙන වාර ප‍්‍රවේශපත‍්‍රවල ගාස්තු අඩු කරන ලෙසත් ආණ්ඩුවට බල කරන බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.
මෙම මාධ්‍ය හමුවට එම ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික ධම්මික මුණසිංහද සහභාගි විය.