தமிழ்
English
Contact
Monday 6th July 2020    
ඉන්ධන මිල අඩුකිරීමේ හැකියාවක් පවතීද යන්න සොයා බලනවා - මහින්ද අමරවීර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්ධන මිල අඩුකිරීමේ හැකියාවක් පවතීද යන්න සොයා බලනවා – මහින්ද අමරවීර



විදුලිබල, බලශක්ති හා මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරාවීර ලෝක බොර තෙල් මිල පහල යාමට සාපේක්ෂව ලංකාවේ තෙල් මිල අඩුකිරීමේ හැකියාවක් පවතීද යන්න සොයා බැලීම සඳහා කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

අමරවීර ඇමතිවරයා පවසා ඇත්තේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ තෙල් ඉල්ලුම පහල යාම නිසා බොර තෙල් බැරලයක මිල අඩුවීමේ වාසිය මෙරට පාරිභෝගිකයායන්ට ලබාදීමට උපරිමයෙන් උත්සාහ කරන බවයි.

එසේම තෙල් මිල අඩුකළ හොත් විදුලි බිල, බස් ගාස්තු වැනි දේවල් අඩුවීම හරහා එය පාරිභෝගිකයන්ට ඍජුවම ලබාදිය යුතු බවද එසේ නොමැතිව මිල අඩුකිරීමේ තේරුමක් නොමැති බවද ඇමතිවරයා පවසා ඇත. එසේම යහපාලන ආණ්ඩුවේ මිල සූත්‍රය පිළිබඳ අදහස් දක්වමින් මහින්ද අමරවීර පවසා ඇත්තේ මිල සූත්‍රය ක්‍රියාත්මක වූවා නම් තෙල් මිල අඩුකිරීමට නොව වැඩි කිරීමට සිදුවන බවයි.

මේ අතර ඉන්ධන මිළ සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් සෑම ඉන්ධන වර්ගයකම මිළ අවම වශයෙන් රුපියල් 20කින් අඩු කිරීමට හැකියාවක් තිබිණු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසා තිබේ.

කෙසේවෙතත් ජනතාවට අවශ්‍ය වන්නේ ආණ්ඩුව සහ විපක්ෂය අතර මෙවැනි කඹ ඇදිලි නොව සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් වැනි දේවල්වල මිල අඩුවීමකි.