தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පාන් පිටි මිල ඉහළට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පාන් පිටි මිල ඉහළට!



ප්‍රිමා සමාගම විසින් නිෂ්පාදනය කරන පිටි කිලෝවක මිල, අද දිනයේ සිට බලපැවැත්වෙන පරිදි රු 3.50 කින් වැඩිකර තිබේ..

මෙරට පාන් ඇතුලු බේකරි නිෂ්පාදන සදහා භාවිතා කරන ‘මිල්ක් බ්‍රැන්ඩ්’ පිටි මිල අද දින සිට වැඩි කර ඇති බවත් ඒ අනුව රු. 80ක් වූ තොග මිල රු. 83.50 දක්වා ඉහළ යන බවත් දැනගන්නට ඇත.

සාමාන්‍යයනේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල මේ අන්දමින් ඉහළ දැමීමකදී පාරිභෝගික සේවා අධිකාරිය සම්බන්ධ විය යුතු වුද ප්‍රිමා සමාගම සතු ඒකාධිකාරය මෙන්ම ආණ්ඩුව විසින් අත්සන්කර ඇති ගිවිසුම් මත ඊට බලපෑම් කිරීමේ හැකියාවක් නොමැති තත්වයක් පවතී.

මින් පෙර අවස්ථාවකදී රොටී ඇතුලු නිෂ්පාදන සඳහා භාවිතකරන පිටි කිලෝවක් රු 4.00කින් ඉහළ දමන ලදී.

ඉන්ධන මිල ඉහළ දැමූ අවස්ථාවේදී සියලුම නිෂ්පාදන කටයුතුවල පිරිවැය ඉහළ යන බව අවධානයට ලක් වූ අතර බේකරි කර්මාන්තයේ පිරිවැය ඉහළයාම නිසා බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් අපේක්ෂා කරන බව බේකරිකරුවන්ගේ සංගම් කරුණු දක්වා තිබිණි. කෙසේවෙතත් මේ ආකාරයට පාන් නිෂ්පාදනය සදහා භාවිතා කරනු ලබන පිටි කිලෝවක මිල වැඩි කිරිමත් සමග බේකරි නිෂ්පාදන වල මිල තවදුරටත් දැමීමට සිදු වන බවද බේකරි නිෂ්පාදකයෝ කියා සිටිති.