தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
ඉන්ධන මිල වැඩිවීම මෙන්න - අද රාත්‍රි 12 සිට ක්‍රියාත්මකයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්ධන මිල වැඩිවීම මෙන්න – අද රාත්‍රි 12 සිට ක්‍රියාත්මකයි!



අද(11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

නිවේදනය කර ඇති මිල වැඩි කිරීම් වන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7 කින් ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 7 කින් ද, ඉහළ දමා තිබේ.
ඒ් අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 157 කට ද,
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 184 කට ද,
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 කටද ,
සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 144 කටද,
භූමිතෙල් ලීටරයක් රුපියල් 77 කටද
අලෙවි කරනු ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
අද සවස ඛනිජ තෙල් ඇමති උධය ගම්මන්පිල මේ ඉන්දණ මිල ඉහළ යාම නිවේදනය කළේ තවමත් මිල වැඩි කරන දිනය පැවසීමට නොහැකි බව පවසමිනි. ඔහු පැවසුවේ මිල ඉහළ යන නිසා වසංගත සමයේ ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් ඇති වන නිසා ඒ ගැන කරුණු නොපවසන බවය.