தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
ඉන්ධන මිල වැඩි කළේ ජනාධිපති ඉන්න කමිටුවෙන් - උදය ගම්මන්පිල හෙළිකරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්ධන මිල වැඩි කළේ ජනාධිපති ඉන්න කමිටුවෙන් – උදය ගම්මන්පිල හෙළිකරයි



(TopNews) ඛනිජ තෙල් මිල වැඩි කිරීම සිදුව ඇත්තේ ජනාධිපති, අගමැති ඇතුළු පිරිසකගේ කමිටුවකින් බව පවසමින් සාගර කාරියවසම් අභියෝග කර ඇත්තේ අගමැතිට හා ජනාධිපතිට බව ඛනිජ තෙල් ඇමති උදය ගම්මන්පිල පවසයි.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තමන් ඉල්ලා අස්විය යුතු බවට පොදුජන පෙරමුණේ ලේකම් අගමැති මහින්ද රාජපක්ෂගේ ඡායාරූපය සහිත නිවේදනයක් නිකුත්කිරීමෙන් ඇත්ත වශයන් අභියෝග කර ඇත්තේ අගමැතිවරයාටත් ජනාධිපතිවරයාටත් බව ඇමතිවරයා පවසයි.

ඒ තීරණය ජනාධිපති, අගමැති ඇතුළු ඇමති මණ්ඩල සාමාජිකයන් සහභාගි වූ ‘ජීවන වියදම් කමිටුව’ විසින් ගත් බව ඇමති ගම්මන්පිල පවසයි. ඊට අමතරව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය මුදල් ඇමති අජිත් නවාඩ් කබ්රාල්, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න හා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ එම කමිටුවේ සාමාජිකයන් බවද විශේෂයෙන් ඩලස් අලහප්පෙරුම හා නාමල් රාජපක්ෂ යන ඇමතිවරු තීන්දුව ගත් අවස්ථාවේදී සහභාගි වු බවද උදය ගම්මන්පිල පවසයි.

තමන්ට ඉල්ලා අස්වන ලෙස පවසන පොදුජන පෙරමුණේ ලේකම්වරයා ඒ අභියෝගය සහිතව ප්‍රසිද්ධ විවාදයකට පැමිණිය යුතු බවට උදය ගම්මන්පිල අභියෝග කරයි.