தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
ඉම්රාන් ඛාන් පාකිස්තාන අගමැති ලෙස පත්වේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉම්රාන් ඛාන් පාකිස්තාන අගමැති ලෙස පත්වේ



පාකිස්තාන අගමැති ලෙස හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් අද දිවුරුම්දීමට නියමතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ පැවැති එරට මහජන මන්ත්‍රී මණ්ඩලයේ නව අගමැතිවරයකු පත්කර ගැනීමේ ඡන්දවිමසීමේදී ඡන්ද 167ක් ලබා ගනිමින් නව අගමැතිවරයා ලෙස තේරී පත්වූ බව කතානායක අසාඩ් ක්වයිෂර් පවසා තිබේ.මේ අනුව ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ 22 වන අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.

ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්ෆාන් පක්ෂය පසුගිය ජූලි මස 25 වැනි දින පැවැති මැතිවරණයෙන් එරට මහජන මන්ත්‍රී මණ්ඩලයේ වැඩිම මන්ත්‍රීවරු ගණනක් දිනා ගැනීමට සමත්වීය.

නමුත් එය පාර්ලිමේන්තුවේ බහුතතර බලය පවත්වා ගැනීමට අවශ්‍ය බහුතර ප්‍රමාණයට මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගේ අඩුවක් තිබුනි. ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්ෆාන් පක්ෂයේ නායකයින් විසින් එරට ස්වාධීනව සිටින දේශපාලන පක්ෂ සමග යම් එකගතාවයක් ගොඩනගාගෙන තිබේ.

ඒ අනුව ස්ථාවර ආණ්ඩුවක් පිහිටවීමේ ඔවුන්ගේ ප්‍රයත්නය සාර්ථකවී ඇති බව වාර්තාවේ. මේ අනුව සිය විසිවසරක දේශපාලන ගමනේ කූඨපාප්තියට පැමිණීමට ඉම්රාන් ඛාන්ට හැකිව තිබේ.

හිටපු අගමැකිවරුන් දෙදෙනෙකු වන නවාෂ් ෂරීෆ්ගේ නායකත්වයදුන් පාකිස්තාන් මුස්ලිම් ලීගය හා බිලවාල් බූතෝගේ නායකත්වයදුන් යුත් පාකිස්තානු ජනතා පක්ෂය විපක්ෂයේ කටයුතු කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.