தமிழ்
English
Contact
Friday 20th July 2018    
ඉරානයට ඔත්තු බැලූ බවට හිටපු ඊශ්‍රායල් බලශක්ති ඇමැතිට චෝදනා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉරානයට ඔත්තු බැලූ බවට හිටපු ඊශ්‍රායල් බලශක්ති ඇමැතිට චෝදනා



ඊශ්‍රායලයේ හිටපු බලශක්ති හා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉරානයට ඔත්තු සැපයූ බවට චෝදනා එල්ලකොට මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මෙසේ චෝදනා ගනා ඇත්තේ ගොනේන් සේගෙව් නැමැති හිටපු අමාත්‍යවරයාටය. මොහුව පසුගියදා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකර ගිනියාහිදී අත්අඩංගුවට ගෙන පසුව මැයි මස ඊශ්‍රායලය වෙත පිටුවහල් කිරීමට ක්‍රියා කළේය. පසුගියදා  ඊශ්‍රායලයට පිටුවහල් කිරීමෙන් පසුව ඔහුව අත්අඩංගුවට ගෙන චෝදනා එල්ල කර තිබේ

ඔහු 1995 වසරේ සිට 1996 දක්වා කාලය තුල එරට බල ශක්තිඅමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.

2007 වසරේසිට ඊශ්‍රායලයෙන් පිටව ජීවත්ව  ඇතැයිද වසර 2012 සිට ඉරානයේ ඔත්තුසේවා සමග කටයුතු කර ඇතිබවට චෝදනා එල්ලවී තිබේ.

පසුව ඊශ්‍රායෙල් සින් බෙට්  ඔත්තු සේවාවට මොහු පිළිබදව කරුණු අනාවරණය කර ගැනීමට සමත්ව ඇතැයි වාර්තාවේ.

ඊශ්‍රායලයේ බලශක්ති සේවාවේ හා තවත්  සංවේදී තොරතුරු මොහු විසින් ඉරානයට ලබාදී ඇති බවට ඊශ්‍රායලය සැකකරයි.




Related News