தமிழ்
English
Contact
Saturday 18th August 2018    
ඉරානය සමග ගනුදෙනු කරන කිසිදු අයෙකු සමග ගනුදෙනු නැහැ - ට්‍රම්ප් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉරානය සමග ගනුදෙනු කරන කිසිදු අයෙකු සමග ගනුදෙනු නැහැ – ට්‍රම්ප්



 

ඉරානය සමග වෙළද ගණුදෙනු කරනු ලබන කිසිදු රටක් සමග හෝ සමාගමක් සමග කිසිදු සම්බන්ධයක් පැවැත්වීට එක්සත් ජනපදය සූදානම් නොමැති බව ට්‍රම්ප් ඊයේ අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඉරානය සමග පැවැති සම්බන්ධතා අවසන් කර ඇති එ.ජනපදය ඉදිරියේදී ටෙහෙරානයට එරෙහිව තවත් ආර්ථික සම්බාධක පැණවීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවේ. ඒ අනුව ඊයේ ටවිටර් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඉදිරියේදී ඉරානය සමග ගනු දෙනු කරන කිසිදු රටක් හෝ සමාගමක් සමග එක්සත් ජනපදය ගනුදෙනු නොකරන බවයි.

මෙසේ නිවේදනය කළත් රුසියාව ,චීනය, යුරෝපා සංගමය, ඇතුළු විශාල රටවල් ගණනක් ඉරානය සමග වෙළද ගනුදෙනු සිදුකරනු ලබන අතර ඒ සියලු රටවල් සමග එ.ජනපදය ඉදිරියේදී කිසිදු ගණුදෙනුවක් නොකරන්නේ නම් එය එ.ජනපද ආර්ථිකයටද දැඩි බලපෑමක් වනු නිසැකය.




Related News