Posted on 12.30.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ වනවිට හැමදෙනාම රජයේ රැකියා බලාපොරොත්තු වුවත් එසේ රජයේ රැකියා ලබා දීමට නොහැකි බව ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය ඇමතිඅ ඩබ්ලිව්.ඩී.ජෝන් සෙනෙවිරත්න පවසයි.
රාජ්‍ය ඇමතිවරයා මේ අදහස් පළකළේ ‘ජාතික වෘත්තීය සුදුසුකම් සහතික පත්‍ර'(NVQ) ලබා දීම පිනිස පැල්මඩුල්ල සිල්වරේ හෝටලයේ පැවති උත්සවයකදීය. රත්නපුර දිස්ත්‍රික්කයේ පරිගණක පාඨමාල හැදෑරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200 දෙනෙක් සඳහා එහිදී වෘත්තීය සුදුසුකම් සහතික පත්‍ර ලබා දෙන ලදී.
එහිදී අදහස් දැක්වූ ඇමති ජෝන් සෙනෙවිරත්න පැවසුවේ ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ රැකියා වෙළඳෙපොලට අවශ්‍ය පුහුණුවක් ලැබු ශ්‍රමිකයන් නොමැතිකම බවයි. උපාධිධාරීන් සඳහා අමාරුවෙන් රජයේ රැකියා ලබා දුන්නත් එයද අඛන්ඩව සිදු කිරීම කළ නොහැකි බව ඔහු කීය. මහින්ද රාජපක්ෂ පාලන කාලයේ රැකියා විරහිතයන්ගේ අරගලයක් අවසානයේ උපාධිධාරීන් 52,000කට රැකියා ලබා දෙන ලදී. මේවනවිට රැකියා විරහිත උපාධිධාරීන් 40,000ක් පමණ රැකියා බලාපොරොත්තු වෙමින් රැකියා විරහිත උපාධිධාරි සංගමය සමග අරගලයක යෙදී සිටී. ආණඩ්ුවේ හිතවත්කම් මත රැකියා දෙන ක්‍රමය තවමත් පවතින බව වරින්වර අනාවරණය වී තිබේ. කෙසේවෙතත් ඇමතිවරයා පවසන්නේ උපාධිධාරින්ට රැකියා ලබා දීමට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වැඩපිළිවෙළක් සකස්කරන බවයි. නමුත් සාමාන්‍ය පෙළ සමත්වන සහ උසස්පෙළ සමත්වෙන පිරිසට රජයේ රැකියා අවස්ථා ලබාදීමේ හැකියාවක් නැති බවද ඇමතිවරයා කීය.