தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
ඉල්ලීම්වලට විසඳුම් ලබාදී නැහැ - රෝහල් කනිෂ්ට කාර්ය මණ්ඩල උද්ඝෝෂණයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉල්ලීම්වලට විසඳුම් ලබාදී නැහැ – රෝහල් කනිෂ්ට කාර්ය මණ්ඩල උද්ඝෝෂණයක



දෙවසරක් තිස්සේ ස්ථිර නොකළ අනියම් , ආදේශක රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් අද දිවයිනේ රෝහල් කිහිපයක් ඉදිරිපිට ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් උද්ඝෝෂණ පවත්වා තිබේ.

එහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පැවසුවේ කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මූලික ඉල්ලීම් 10ක් සම්බන්ධයෙන් මාස 9 ක් පමණ අඛණ්ඩව අරගලයක නිරතවී සිටියද ආණ්ඩුව සූක්ෂම ලෙස ඒ අතරින් එක ඉල්ලීමක් පමණක් ලබාදීමට පොරොන්දු වී ඇති බවයි. එම හිමියන් පැවසුවේ ආණ්ඩුව තවදුරටත් තම ඉල්ලීම් ලබා නොදුනහොත් තවදුරටත් ඉදිරි සතිය තුළ වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුවන බවයි.

රෝහල් කනිෂ්ට කාර්ය මණ්ඩල ඉල්ලීම් වන්නේ,
දෙවසරක් තිස්සේ ස්ථිර නොකළ අනියම්, ආදේශක සේවකයන් වහා ස්ථිර කිරීම.
සියලූ සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් අවදානම් දීමනාවක් ලබා ගැනීම.
ප‍්‍රවාහන, එන්නත්කරණ සහ ආරක්ෂිත උපකරණ ගැටලූ වහාම සහ සේවක හිගය පියවා ගැනීම.
සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක දීමනාවක් ලබා ගැනීම.