தமிழ்
English
Contact
Saturday 19th June 2021    
ඉල්ලීම් 5ක් මූලික කරගනිමින් රෝහල් කනිෂ්ඨ සේවකයෝ පැය 4ක් සේවයෙන් බැහැර වෙති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉල්ලීම් 5ක් මූලික කරගනිමින් රෝහල් කනිෂ්ඨ සේවකයෝ පැය 4ක් සේවයෙන් බැහැර වෙති!



ඉල්ලීම් 5 ක් මුල්කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය අද (09) පැය 4 ක් සේවයෙන් බැහැර වෙමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී තිබේ.

ඒ අනුව කොළඹ ජාතික රෝහල ඇතුලු රෝහල් 42 ක මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙහි නිරත වූ බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමිපයන් සදහන් කර තිබේ.

දෙවසරක් පුරා ස්ථිර නොකළ අනියම්, ආදේශක සේවකයන් වහා ස්ථිර කිරීම, සියලූ සෞඛ්‍ය සේවකයන්ට කොවිඞ් අවදානම් දීමනාවක් ලබාගැනීම, ප‍්‍රවාහන, එන්නත්කරණ සහ ආරක්ෂිත උපකරණ ගැටලූ වහාම විසදීම, සේවක හිඟය විසදීම හා සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක දීමනාවක් ලබාගැනීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අරමුණ බවයි ප්‍රධාන ලේකම් හිමියන් සඳහන් කර ඇත.

මේ අතර පැය 4ක කාල සීමාවෙන් පසු වැඩ වර්ජනය අවසන් කරමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ආණ්ඩුවට අනතුරු අඟවමින් සදහන් කළේ ආණ්ඩුව මේ පිළිබදව අවධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන බවයි.