தமிழ்
English
Contact
Monday 22nd April 2019    
ඉලෙක්ට්‍රෝනික බැංකු කාඩ් (ATM) වංචා වැළැක්වීමට මහබැංකුවෙන් නව පියවරක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉලෙක්ට්‍රෝනික බැංකු කාඩ් (ATM) වංචා වැළැක්වීමට මහබැංකුවෙන් නව පියවරක්!



ඉලෙක්ට්‍රෝනික බැංකු කාඩ් භාවිත කරමින් සිදුකරන මුල්‍ය වංචා වැළැක්වීම සඳහාත් ජාලගත බැංකු පද්ධතියේ සහ සියලු ගනුදෙනුකරුවන්ගේ තැන්පතුවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහාත් ආරක්ෂක පියවර රැසක් ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
වංචනික ලෙස ක්‍රෙඩිට් කාඩ් (ණයපත්) හා ඩෙබිට් කාඩ් (හරපත්) ඇතුළු විවිධ වර්ගයේ ඉලෙක්ට්‍රෝනික බැංකු කාඩ් පත් භාවිත කරමින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් (ATM) මුදල් ආපසු ලබා ගැනීමේ සිදුවීම් කිහිපයක් පසුගිය දින කිහිපයේදී වාර්තා වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මේ අනුව දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අමතරව බැංකු ක්‍රමයේ සහ ගනුදෙනුකරුවන්ගේ මුදල්වල සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහා වැඩිදුර ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද මහ බැංකුව කියයි.  ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊ.එම්.වී. තාක්ෂණය සහිත කාඞ්පත් භාවිත කරන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටී. දැනට භාවිත කරන ක්‍රෙඩිට් (ණයපත්) හා ඩෙබිට් (හරපත්) ඇතුළු බැංකු කාඞ්පත් ඊ.එම්.වී. තාක්ෂණයෙන් තොර නම් එම තාක්ෂණය සහිත කාඞ්පතක් ලබාදෙන්නැයි ගනුදෙනුකරුවන්ට අදාළ බැංකුවලින් ඉල්ලා සිටිය හැකි බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිත කරමින් ගනුදෙනු කිරීමේදී සැලකිලිමත් විය යුතු යැයි ද මහ බැංකුව කියයි. හඳුනාගත නොහැකි, අනවසර ගනුදෙනුවක්, කාඞ්පත අහිමි වී හෝ අස්ථානගත වීමේ හෝ සිදුවීමක් හෝ පිළිබඳ සිදුවීමක් වේ නම් කඩිනමින් ඒ පිළිබඳව අදාළ බැංකු දැනුවත් කරන්නැයි මහ බැංකුව ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටී.