தமிழ்
English
Contact
Saturday 24th October 2020    
ඉස්සන් ඇතිකිරීම සඳහා වැලිහේනේ කළපු රක්ෂිතයත් විනාශ කරළා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉස්සන් ඇතිකිරීම සඳහා වැලිහේනේ කළපු රක්ෂිතයත් විනාශ කරළා



ඉස්සන් ඇති කිරිම පිණිස පොකුණක් සකස් කර ගැනීම සඳහා වැලිහේනේ කළපු රක්ෂිතයේ කඩොලාන ශාඛ විනාශ කරමින් සිටින බව වාර්තා වේ.

පසුගිය කාලයේ දි ඉස්සන් පොකුණු ව්‍යාපාරය පාඩු ලබන තත්ත්වයක පැවැතියත් වනමි නමැති ඉස්සන් ප්‍රභේදයක් හදුන්වා දිමෙන් පසු මේ වන විට ඉස්සන් වනවගාවෙන් විශාල ආදායමක් ලබා ගත හැකි වුවත් අලුතින් පොකුණු සකස් කරමින් තිබෙන බවත් ගෙන යාමට බාධාවක් වි ඇත්තේ ඒ සදහා අවශ්‍යය ඉඩම් ලබා ගැනිමට නොහැකිව තිබිම බව පැවසේ.

ඒ අනුව දේශපාලන බලය සහිත කණ්ඩායමක් මේ වන අඹකදවිල වැලිහේන ධීවර ගම්මානයේ කළපු රක්ෂිතයේ කඩොලාන වගාව කපා දමමින් නිති විරෝධිව ඉස්සන් පොකුණු සකස් කිරිමේ සුදානමක් ඇති බව ගම්වාසින් පවසයි.

දිවා කාලයේ මෙම කඩොලාන ශාඛ විනාශය සිදු නොවුණත් සමහර රාත්‍රි කාලයේ සහ රජයේ නිවාඩු දිනවල මෙම විනාශය බාධාවකින් තොරව සිදුවන බව වාර්තා වේ. ඊට එරෙහි වන අයට යම් තර්ජනයන් පවා මේ වන විට එල්ලවෙමින් පවතින බවත් ගම්වාසින් පවසා ඇත. මේ සම්බන්ධයෙන් ගම්වාසීන් විසින් වන සංරක්ෂණ නිලධාරින්ට ද ලිඛිතව දැනුම් දී තිබේ.

මිට අමතරව මේ දිනවල කල්පිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පල්ලිවාසල්තුරෙයි ප්‍රදේශයේ කලපුව ආශ්‍රිතව වෙරළබඩ තීරයේ ඉස්සන් වගාව සදහා කාර්යක්ෂම බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එහි පිහිටි ස්භාවික කඩොලාන පද්ධතිය කපමින් ඉස්සන් පොකුණු ඉදිකිරීම හේතුවෙන් දැවැන්ත වන විනාශයක්සිදුව ඇති බවට පරිසරවේදියෝ චෝදනා කර තිබුණි.