தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
ඉහළ අධිකරණ විනිසුරුවරයකුගේ බිරියට ආයෝජන මණ්ඩලයේ විධායක තනතුරක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉහළ අධිකරණ විනිසුරුවරයකුගේ බිරියට ආයෝජන මණ්ඩලයේ විධායක තනතුරක්!



ව්‍යවස්ථාමය ගැටලුවක් සම්බන්ධයෙන් විභාගයට ගන්නට නියමිත නඩුවිභාගයක විනිසුරුවරයකුගේ බිරියට ආයෝජන මණ්ඩලයේ විධායක නිලයක් පිරිනැමීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අගමැති ලෙස පත්කළ මහින්ද රාජපක්ෂ ඇතුළු ඇමති මණ්ඩලයට චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් දේශපාලන අංශවල කතාබහට ලක්වන කරුනු අනුව, මෙය තමන් විනිශ්චයට ලක්වන අධිකරණයේ විනිසුරුවරයකුට අල්ලස් ලබාදීමක් ලෙස සැළකිල්ලට ගන්නට සිදුවේ. මෙම සිදුවීම සත්‍ය නම් එකී අධිකරණයේ අදාළ විනිසුරුවරයා එකී නඩු විභාගයෙන් ඉවත් වියයුතු වේ. අධිකරණයකදී යුක්තිය පසිදලීම සහ එසේ පසිදලන යුක්තිය සාධාරණ ලෙස සිදුවී ඇති බවට නිරූපණය වීම පිළිබද අදහස මත මෙම සිදුවීම සැළකිල්ලට ගත යුතුව ඇත.