தமிழ்
English
Contact
Friday 6th December 2019    
ඉහළ දැමූ පාන් මිල යළිත් පහළට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉහළ දැමූ පාන් මිල යළිත් පහළට



ඊයේ(20) මධ්‍යම රාත්‍රි සිට රු. 5කින් වැඩිකළ පාන් මිල යළි  පැවති මිල දක්වා අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

පාන්මිල යතා තත්වයට පත් කිරීමට මෙසේ තීරණය කළේ පිටි මිල අඩු කරන බවට තිරිගු පිටි සමාගම්වලින් ලද ලිඛිත දැනුම් දීමක් හේතුවෙන් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මාධය වෙත පැවසුවේය.

බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ පිටි මිල ඉහළ යාමත් සමග නිවේදිත මලිට පාන් සහ බේකරි නිෂ්පාදන පවත්වාගෙන යාමේ දුෂ්කරතා තිබුනු බවයි. පාන් නිෂ්පාදනය ඊයේ වන විට ඇණ හිටින මට්ටමට පත්ව තිබීම නිසා තාවකාලික විසඳුමක් ලෙස ඊයේ මධ්‍යම රාත්‍රීයේ ඉදන් පාන් මිල රුපියල් 05කින් වැඩි කළ බවද පිටි මිල අඩුකරන ලෙස අදාල සමාගම්වලට තදින් ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් ලෙස එයට එකඟ බව සමාගම් 2ක අද දින ලිඛිතව දැනුම් දි ඇති බවයි.

එසේම සියලු බේකරි හිමියන්ට මෙතෙක් වැඩි මිලට දුන් පිටිවලට නැවත මුදල් ගෙවන බවට පිටි සමාගම් දෙකම පොරොන්දු වී ඇත.