தமிழ்
English
Contact
Saturday 26th May 2018    
ඊජිප්තුවේ මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාරයක් 235ක් මියයති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඊජිප්තුවේ මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාරයක් 235ක් මියයති



ඊයේ ඊජිප්තුවේ මුස්ලිම් දේවස්ථානයක් ඉලක්කර එල්ලකරනු ලැබූ ප්‍රහාරයෙන් පසු පුද්ගලයේ 235 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිකුරාදා දින සිය ආගමික වතාවත්වල යෙදෙමින් සිටි මුස්ලිම් බැතිමතුන් ඉලක්කර මෙම ප්‍රහාරය එල්ල කර ඇත.  

මේ දක්වා මෙම ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති බව වාර්තාවේ.ඊජිපිතුවේ ආරක්ෂක අංශ විසින් වසර කිහිපයක සිට ඉස්ලාමී අන්තවාදී සංවිධානවලට එරෙහිව සිය මෙහෙයුම් වසර කිහිපයක සිට ක්‍රියාත්මක කරනු ලබයි.

විශේෂයෙන් ෂිනායි අර්ධද්වීපයේ ඉස්ලාමීය මූලධර්මවාදී සංවිධනවල වැඩ කටයුතු ව්‍යාප්තව ඇති අතර මීට පෙර අවස්ථා කිහිපයකද සාමාන්‍ය ජනයා ඉලක්කකර මෙවන් ප්‍රහාරයන් කිහිපයක් එල්ල කර තිබුනි. ඊයේ මෙම ප්‍රහාරයෙන් පසු ඊජිප්තු ආරක්ෂක අංශ හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් පසුව ඊජිප්තු ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම ප්‍රහාරයේට සම්බන්ධ වූවන්ට නිසි දඩුයම් ලබා දෙන බවයි.




Related News