தமிழ்
English
Contact
Saturday 26th May 2018    
ඊජිප්තුවේ හිටපු ජනාධිපතිට වසර තුනක සිර දඩුවම් නියම කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඊජිප්තුවේ හිටපු ජනාධිපතිට වසර තුනක සිර දඩුවම් නියම කරයි



2013 වසරේ බලයෙන් පහකළ හිටපු ඊජිප්තු ජනාධිපතිවරයා වූ මොහොමඩ් මුර්සි හා තවත් 18 දෙනෙකෙුට ඊයේ දිනයේදී ඊජිප්තු අධිකරණය විසින් වසර තුනක සිර දඩුවම් නියමි කර ඇත.

එම දඩුවමට අමතරව ඔහුට ඊජිප්තු පවුම් මිලියනකට දඩයකටද යටත් කර තිබේ. 2013 වසරේ බලයෙන් පහකර මේ දක්වා බන්ධනාගාරතව සිටි හිටපු ජනාධපතිවරයාට විදේශ කණ්ඩායම් සමග එක්ව රජය පෙරලීමට කුමන්ත්‍රණය කළේයැයි චෝදනා එල්ල කර තිබුනි.

ඊට අමතරව විදෙස් රටවල් සදහා ඔත්තු සැපයූබවටද චෝදනා එල්ලවී තිබේ. කෙසේ වෙතත් මීට වසර හතරකට පමණ පෙර සිය ධූරයෙන් ඉවත් කරනු ලැබූ මොහොමඩ් මුර්සි සිය ආධාරකරුවන් සිය ගණනක් සමග මේ දක්වා වසර හතරකට ආසන්න කාලයක් බන්ධනාගාර ගත කිරීමට වත්මන් ඊජිප්තු පාලකයින් කටයුතු කර තිබුනි.

ඉස්ලාමීය අන්තවාදී සංවිධානවලට සහයෝගය ලබදුන් බවටද ඔහුට එරෙහිව චෝදනා එල්ල විය. ඉන්පසුව සිය ධුරයෙන් ඉවත් කිරීමට එවකට හමුදා නායක ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපතිවරයා වන සිසිලි  කටයුතු කළේය.

කටාරය වෙන්වෙන් ඔත්තු බැලීමේ චෝදනාව යටතේ මීට පෙර ඔහුට වසර 25ක් හා 2012 වසරේ ඔහු බලයේ සිටියදී උද්ඝෝෂණවලට එල්ල කරන ලද ප්‍රහාරයන් හේතුවෙන් සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කළේයැයි නඩුවකින් පසුව තවත් වසර 20 ක කාලයක් සිරදඩුවම් නියමව ඇත.