தமிழ்
English
Contact
Saturday 19th June 2021    
ඊයේ කොවිඩ් මරණ 48ක් - නිවසේදී මිය ගිය ගණන 18ක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඊයේ කොවිඩ් මරණ 48ක් – නිවසේදී මිය ගිය ගණන 18ක්



කොවිඩ් 19 මරණ 48ක් පිළිබඳ තොරතුරු ඊයේ (04) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මැයි 11 වැනිදා සිට ජුනි 03 වැනිදා දක්වා එම මරණ සිදුව ඇති බව සඳහන් වේ.

මිය ගිය අය අතර කාන්තාවන් 23 දෙනෙකු සහ පුරුෂයින් 25 දෙනෙකු වෙයි.

මිය ගිය අය අතරින් නිවසේදී 18 දෙනකු මිය ගොස් ඇති අතර රෝහල් ගතකරන අවස්ථාවේ එක් අයෙකු මියගොස් තිබේ. ආසදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී 29 දෙනෙකු මිය ගොස් ඇත.

ඒ අනුව මෙතෙක් වාර්තා වී තිබෙන කොවිඩ් 19 මරණ ගණන 1,656ක් ලෙස දැක්වෙයි.