தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
උඩුදුම්බර උපාධිධාරියා දකුණු කොරියාවේ කම්හල් අනතුරකින් මිය යයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උඩුදුම්බර උපාධිධාරියා දකුණු කොරියාවේ කම්හල් අනතුරකින් මිය යයි!



දකුණු කොරියාවේ පුරාන් නගරයේ කම්හලක සේවය කළ 34 හැවිරිදි ලාංකික උපාධිධාරියෙක් ජූලි 24 වැනිදා රාත්‍රියේ සිදුව ඇති හදිසි අනතුරකින් මිය ගිය බව වාර්තා විය.

මහනුවර දිස්‍්ත්‍රික්කයේ උඩුදුම්බර, බෝපන, ගලපිටගම පදිංචි සම්පත් බණ්ඩාර සෙනෙවිරත්ත මේ ආකාරයෙන් මිය ගොස් ඇත්තේ තමන් සේවය කළ කම්හලේ බැරල් ලේබල් මුද්‍රණ යන්ත්‍රයක දෝෂයක් පිරික්ෂා කිරීමේ යෙදී සිටියදීය. අතිකාල සේවයේ රාත්‍රි සේවයේදී මෙම අනතුර සිදුව ඇත. පසුගිය ආණ්ඩුව සමයේ ජනප්‍රිය වූ කොරියානු රැකියා සිහිනයෙන් පවුලේ ආර්ථික ගැටලු විසඳා ගැනීමට ගිය මෙම තරුණයාගේ සිරුර ලංකාවට ගෙන ඒමේ දුෂ්කර ව්‍යායාමයට මේ වන විට පවුලේ සාමාජිකයන් මුහුණ දී සිටී.