தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
උතුරු කොරියානු හා දකුණු කොරියානු නායකයින් අතර හදිසි හමුවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උතුරු කොරියානු හා දකුණු කොරියානු නායකයින් අතර හදිසි හමුවක්



ඊයේ දිනයේ උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් හා දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් අතර හදිසි හමුවක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දේ.
මෙම එදිසි හමුව යොදාගැනීමට සිදුවූයේ පසුගිය දින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබන මස 12 වැනි දින සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව තිබූ උතුරු කොරියා හා එක්සත් ජනපදය රාජ්ජ්‍ය නායකයින් දෙපළගේ සාකච්ඡා නොපවැත්වෙන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මාධ්‍ය වෙත නිවේදනය කිරීමත් සමගය.
මෙම තත්වය හේතුවෙන් සැලසුම් කළ අයුරු දේපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වීම සදහා දකුණු කොරියානු ජනාධිපතිවරයා හා උතුරු කොරියානු නායකයා අතර නැවත හමුවක් පවත්වා ඇත.දෙරට අතර පවතින යුද මුක්ත කලාපයේ දකුණු ප්‍රදේශයේ පැන්මුන්ජොම් නම් ගමේදී මෙම හමුව පැවැති බව දකුණූ කොරියානු ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක සදහන්වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හදිසියේ සිංගප්පූරු සාකච්ඡා නොපවැත්වෙන බවට නිවේදනය කළ පසුව ජාත්‍යන්තර මාධ්‍ය මේ පිළබදව අදහස් දක්වා තිබේ. එක්සත් ජනපදයේ ධවල මන්දිරයේ හා එරට රාජ්ජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇඩ්වානස් ටීම් නැමැති කණ්ඩායමක් එරට ජනාධිපතිවරයා යන ස්ථානයන්ට දින කිහපයකට පෙර යෑම සාමාන්‍ය ක්‍රමයයි.

සැලසුම් කර තිබෙන පරිදි මෙම ඇඩ්වාන්ස් ටීම් එකක් ඉදිරි දින කිහිපයේදී ජපානය හරහා සිංගප්පූරුව වෙත යෑමට නියමිත බව ධවල මන්දිරයේ ආරංචි මාර්ග සදහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමගින් හැගීයන්නේ ඩොනලඩ් ට්‍රම්ප් අවසන් මොහොතේ සිංගප්පූරුවේ සැලසුම් කළ උතුරු කොරියා නායක කිම් ජොන් හමුවීම සදහා පැමිණීමට හැකියාව තිබෙන බවයි.