தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
උතුරු කොරියාව පිළිබදව සාකච්ඡා කිරීමට රුසියාව හා එක්සත් ජනපද හමුවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උතුරු කොරියාව පිළිබදව සාකච්ඡා කිරීමට රුසියාව හා එක්සත් ජනපද හමුවක්



උතුරු කොරියාව සම්බන්ධයෙන් වන ප්‍රශ්නය සාකච්ඡා කිරීම සදහා රුසියාව හා එක්සත් ජනපද නියෝජිතයින් ළගදීම මොස්කව්හිදී හමුවීමට නියමිතව ඇති බව රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ඉගෝර් මෝර්ගුලර්ව් පවසා ඇත.

ලබන මස දකුණු කොරියාවේ පියොං චැන්හි පැවැත්වීමට නියමිත 23 වන ශීත ඔලිම්පික් උළෙලට පෙර මෙම සාකච්ඡා පැවැත්වීමට හැකිවනු ඇති බව ඇතැයි ඔහු සදහන් කර තිබේ. වත්මන් තත්වය පිළිබදව රුසියාවේ විශේෂ නියෝජිතයකු වන ජෝසප් යූන් මේ වනවිටත් උතුරු කොරියාවේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට උතුරු කොරියාව බලා පිටත්ව ගොස් ඇත.

මෙම හමුව පිළිබදව අදහස් දක්වමින් රුසියානු නියෝජ්‍ය විදේශ ඇමැතිවරයා සදහන් කර ඇත්තේ සාකච්ඡා සදහා දින නියමවී නොමැති වුවත් හැකි ඉක්මණින් මෙම සාකච්ඡා ආරම්භ කිරීමට හැකිවනු ඇති බවට රුසියාව හා එක්සත් ජනපදය අදහස් කර ඇති බවයි.