தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
උතුරු නැගෙනහිර ආරක්ෂාව තර කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උතුරු නැගෙනහිර ආරක්ෂාව තර කරයි



පසුගිය බ්‍රහස්පතින්දා උතුරේ ප්‍රකට දෙමළ දේශපාලනඥයෙකු ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ චෝදනාව මත එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු උතුරු හා නැගෙනහිර ආරක්ෂාව තර කර ඇතැයි වාර්තා වේ.

මේ සතිය මුලදී හමුදා ඔත්තු සේවා සහ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව එක්ව කරන ලද පරීක්ෂාවකදී උතුරේ ආරක්ෂිත නිවසක් වටලා නවතම සන්නිවේදන උපකරණ සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බවද පැවසේ.

නවතම ත්‍රස්ත ජාලය අනාවරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විදේශ බුද්ධි අංශවල සහාය ලබා ගැනීමට නියමිත බවද ඩේලි මිරර් පුවත් පත පවසා තිබේ.

මැතිවරණයක් ආසන්න වෙත්ම එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් නැවත සිදුවන බව පෙන්වන ආකාරයේ පුවත් වාර්තා කරණයන් සුලබව දැකිය හැක. අත්අඩංගුවට ගැනීම් වැනි හුදකලා සිදුවීම් සිදුවිය හැකි නමුත් මේ හරහා දකුණේ ජන සමාජය තුළ එල්ටීටීඊ භීතිකාවක් නිර්මාණය කර තම ඡන්ද ගොඩ වැඩි කරගැනීමට උත්සාහ කිරීම විවිධ ආණ්ඩුවල පුරුද්දකට ගොස් තිබේ.