தமிழ்
English
Contact
Friday 14th August 2020    
උතුරේ දේශපාලනයට සිවාජිලිංගම්ගෙන් තවත් පක්ෂයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උතුරේ දේශපාලනයට සිවාජිලිංගම්ගෙන් තවත් පක්ෂයක්



කලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ උතුරු පළාත් අැමතිවරයකුව සිටි එම්.කේ. සිවාජිලිංගම් සමග ටෙලෝ සංවිධානයෙන් ඉවත් වූ එහි හිටපු ලේකම්වරයෙකු වන එස්. ශ්‍රී කාන්තන් එක්ව නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන තිබේ.

ඔවුන් ඊයේ(15) යාපනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ‘දෙමල ජාතික පක්ෂය’ ලෙස නම් කරන නව සංවිධානයේ නායකත්වය එස්. ශ්‍රී කාන්තන් විසින් දරන බවත් එම්.කේ. සිවාජිලිංගම්, ලේකම් ධුරයේ කටයුතු කරන බවත්ය.

ජනාධිපතිවරණ ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කරන්නට තිරණය කළ විට සිවාජිලිංගම්ට ටෙලෝ සංවිධානය බලපෑම් කළේ එසේ නොකරන ලෙසයි. එහෙත් අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරමින් දෙමළ ජාතික සන්ධානයෙන් හා ටෙලෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය.

තමන් ජනපතිවරණය සදහා තරග කිරීම මුල් කරගනිමින් පක්ෂයට පටහැනිව කටයුතු කීරන බවට චෝදනාවක් එල්ල කර තමාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගෙන තිබීම මත පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට ඔහු විසින් නොවැම්බර් 3 වැනිදා දන්වා තිබිණි.

උතුරේ ජනතාවගේ ඡන්ද අපේක්ෂාවෙන් ජාතිවාදය මුල්කරගෙන දේශපාලනය කිරීමේ අත්දැකීම් සහිත පුද්ගලයන් මෙසේ විවිධ නම්වලින් වෙනම දේශපාලන සංවිධාන පිහිටුවා ගනිමින් සිටී. තමිල් ජනයා මුහුණ දෙන ඇත්ත පීඩාවන්ගෙන් ඔවුන් මුදා ගැනීමේ පුලුල් දේශපාලන වයාපාරයක අඩුව මේ වනවිට අන් කවරදාටත් වැඩියෙන් දක්නට ලැබේ.