தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
උද්ඝෝෂණ කරන හේතුවෙන් අත්අඩංගුවට ගන්න බෑ - අධිකරණයෙන් පොලිසියට අවවාද! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උද්ඝෝෂණ කරන හේතුවෙන් අත්අඩංගුවට ගන්න බෑ – අධිකරණයෙන් පොලිසියට අවවාද!



(TopNews) විරෝධතා දක්වන සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණවලට ගෙන ඒම සම්බන්ධ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු බුද්ධික සී රාගල විසින් පොලිසියට තදින් දොස් පවරා අවවාද කර ඇත.

විරෝධතා සඳහා එකතුවීම මෙරට ආණ්ඩු ක්‍රම වයවස්ථාවෙන් සහතික කර ඇති අයිතියක් බවද එය අයුතු ජනරාශියක් වන්නේ කෙසේදැයි විනිසුරුවරයා ප්‍රශ්න කරනු ලැබුවේ සිසුවකු ඇතුලු තිදෙනකු සම්බන්ධ චෝදනා ලෙස අයුතු ජනරාශිය, පොදු දේපළ හානි කිරීම ඇතුලු චෝදනා ගොනුකර තිබුණු නිසාය.

කුරුඳුවත්ත පොලිසියේ නිලධාරින්ගෙන් මෙසේ ප්‍රශ්න කළ විනිසුරුවරයා, සැකකරුවන් සම්බන්ධ චෝදනා ඉදිරිපත් කරන අවස්තාවේ එක් එක් පනතට අදාළ චෝදනා වෙන් වෙන්ම ඉදිරිපත් කළ යුතු බව දැනුම් දුන්නේය. මංමාවත් පනත යටතේ මෙන්ම නිරෝධායන පනත යටතේ මෙම සිසුන් වෙත චෝදනා ඉදිරිපත් කරනු ලැබ තිබුණි.

‘ඔහේ අත්අඩංගුවට ගැනීම’ නිසා විමර්ශන කාලය දීර්ඝ වීමෙන් නඩු ප්‍රමාද කෙරෙන තත්වයක් ඇති වන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පොලිසිය වෙත පෙන්වා දුන්නේය. විරෝධතා දැක්වීමේ අයිතිය පුරවැසියන්ට ඇති බැවින් එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත් විසින් පොලිසියට මෙසේ දෝෂාරෝපණය කර ඇත.