தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
උද්ඝෝෂණ නොකර ආණ්ඩුව ගැන විශ්වාසය තියන්න - ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උද්ඝෝෂණ නොකර ආණ්ඩුව ගැන විශ්වාසය තියන්න – ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්



විරෝධතා හේතුවෙන් ඇති වන මාර්ග අවහිරතා ජනතාවට මහත් පීඩාවක් වන අතර විරෝධතාකරුවන්ගේ ද කාලය,ශ්‍රමය සහ මුදල් එමඟින් අනවශ්‍ය ලෙස අපතේයාමක් සිදු වන බැවින් යතාර්ථය තේරුම් ගෙන රජයේ වැඩපිළිබඳ විශ්වාසය තබා එය සාර්ථක කර ගැනිමට සහය වන ලෙස රජය උද්ඝෝෂණ කරන කණ්ඩායම්වලින් ඉල්ලා සිටියි.

උද්ඝෝෂණයේ යෙදෙන සියලු පාර්ශව සමඟ සාකච්ඡා කිරිමට නිලධාරින්ට විශාල කාලයක් වැය වන අතර එහි ප්‍රතිඵලය ඔවුන් වෙනුවෙන් රජය ඉටුකිරමට අපේක්ෂා කරන වැඩසටහනට වෙන්කළ කාලය දිනෙන් දින අපතේයාමක් බව ජනාධිපති කාර්යාලය පවසා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය පවසන්නේ එකී ගැටළුවලට කඩිනමින් හොඳම විසඳුමක්දිම රජයේ අපේක්ෂාව බවත්, උද්ඝෝෂණකරුවන්ට ජනාධිපති කාර්යාලය අභියසට පැමිණ විරෝධය පල කිරිමට පූර්ණ නිදහස ලබාදී ඇති බවත් මෙය ඉතිහාසයේ කිසිදු රජයක් නොගත් තීරණයක් බවයි.

ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු අනුව උපාධියට සරිලන රැකියාවක් ලබාදීම රජයේ අරමුණ වන අතර පොරාන්දු වූ පරිදි 53,000කට ආසන්න සියලු උපාධිධාරින්ට රැකියා ලබාදීම මාර්තු 01 වනදා ආරම්භ කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

නව ආණ්ඩුව පත්වූ දා සිට සහන දෙන බව පැවසුවද තවමත් ලබාදුන් සහනයක් නොමැති අතර ලබාදෙන බව පැවසූ සහන මහ මැතිවරණයෙන් පසුවට කල් යමින් පවතියි. උදාහරණයකට වැටුප් වැඩි කරන බව පැවසුවද වැටුප් වැඩි වෙන්නේ මහ මැතිවරණයෙන් පසුව බව ආණ්ඩුව පවසයි. ඊට අමතරව විශ්‍රාම වැටුප් ඉහළ දමන බවට සඳහන් කරමින් දෙසැම්බර් 10 දින වන දින නිකුත් කර තිබෙන චක‍්‍රලේඛය අහෝසි කරමින් 35/2019(1) ලෙස නව චක‍්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව විශ්‍රාම වැටුප් ඉහළ නැංවීම ඉදිරි අයවැයක දී විසඳන බව රජය පවසයි. එසේම පසුගියදා මහ පොළ ශිෂ්‍යාධාර අරමුදල් වැඩිකරන ලෙස විශ්ව විද්‍යාල සිසුන් කරන ලද උද්ඝෝෂණයට ප්‍රතිචාර ලෙස සියලු ප්‍රශ්න විසඳූ බවට මුළු රටටම අඬ බෙර ගැසුවද තවමත් එය විසඳූ බවක් පෙනෙන්නට නැත. විදුහල්පති – ගුරු වැටුප් වැඩිකිරීම ගැන කිසිදු කතාවක් නැත. එසේ තිබියදී ජනතාවට සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් බලා සිටින ලෙස කීම කොතරම් විශ්වාස කළ හැකිද යන ප්‍රශ්නය මතුවේ.