தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
උපකාරක පන්තියක වහලයක් කඩා වැටී සිසුන් 8ට තුවාල | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උපකාරක පන්තියක වහලයක් කඩා වැටී සිසුන් 8ට තුවාල



අම්බලන්ගොඩ මීටියාගොඩ මාර්ගයේ ගලගොඩ ප්‍රදේශයේ උපකාරක පන්තියක ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් ළමුන් 8 දෙනෙකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.

වහලයෙන් ශබ්දයක් ඇසුණු බවත් පසුව වහලය සමඟ ගොඩනැගිල්ල කඩා වැටුණු බවත් සිද්ධියට මුහුණ පෑ සිසුන් පවසා තිබේ.

පසුව ප්‍රදේශවාසීහු එක්ව සුන්බුන් අතර සිටි දරුවන් බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතුකර තිබේ.