தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
උපාධිධාරී අභ්‍යාසලාභීන් ස්ථිර කරන ලෙස අරගලයක් අරඹති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උපාධිධාරී අභ්‍යාසලාභීන් ස්ථිර කරන ලෙස අරගලයක් අරඹති!



වසරක් පුරා අභ්‍යාසලාභීන් ලෙස බඳවාගෙන සිටින උපාධිධාරින් ස්ථිර කරන ලෙස කළ ඉල්ලීම් නිශ්පල බැවින් ඒ සඳහා වන උද්ඝෝෂණික අරගලයක නිරතවීමට ‘ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය’ තීරණය කර ඇත.

ආණ්ඩුව විසින් 2020 ජනවාරි මසදී විශාල ප්‍රචාරයක් ගෙන යමින් අභ්‍යාසලාභීන් ලෙස උපාධිධාරින් බඳවාගන්නා බව කියා සිටියද එය මැතිවරණ ප්‍රචාරයක් හා මැතිවරණ අල්ලසක් ලෙස ක්‍රියාත්මක කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය. වත්මන් ආණ්ඩුව විසින් උපාධිධාරී අභ්‍යාසලාභීන් බඳවාගෙන ලබන සැප්තැම්බර් මස 2 වැනි දිනට වසරක් සම්පූර්ණ කෙරේ. නමුත් තවමත් ආණ්ඩුව එසේ බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ස්ථිර කිරීමට වැඩපිළිවෙළක් සකස් කර නැත.

මෙම තත්වය තුළ ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් ජුලි 12 සිට විරෝධතා දෙසතියක් නම් කර ඇත. ඒ කාලය තුළ සියලූ දිස්තත්‍රික් ලේකම්වරුන් දැනුවත් කරමින් මෙම විරෝධතා ක්‍රියාමාර්ගවලට එළඹීමට කටයුතු යොදා ඇත. මේ අනුව, කොළඹ, ගම්පහ, කළුතර, මොණරාගල, කුරුණෑගල, පුත්තලම, නුවර, නුවරඑලිය, වව්නියාව, යාපනය, අනුරාධපුර සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල දී අදාළ දිස්‍රතික් ලේකම්වරු හමුවී මෙම ගැටලුව හා ඒ සඳහා විසඳුම් ඉල්ලා ආරම්භ කරන අරගලය දැනුවත් කරනු ඇත.