தமிழ்
English
Contact
Monday 6th July 2020    
උසස්පෙළ විභාගයට ඇමතිවරු තීන්දු අරගෙන සිසු ජීවිත ‌සමග ‌සෙල්ලම් කරන්න ඒපා! - ඒකාබද්ධ ගුරුසේවා සංගමය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උසස්පෙළ විභාගයට ඇමතිවරු තීන්දු අරගෙන සිසු ජීවිත ‌සමග ‌සෙල්ලම් කරන්න ඒපා! – ඒකාබද්ධ ගුරුසේවා සංගමය



මෙවර අධ්‍යයන ‌පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සැප්තැම්බර් 7වැනිදා පැවැත්වීමට තීරණය කිරීමේදී ආණ්ඩුව උසස් ‌පෙළ දරු දැරියන්ගේ ජීවිත ‌අවදානමට ‌හෙළන බව ඒකාබද්ධ ගුරුසේවා සංගමය පවසයි.

ඇමති මණ්ඩලයේ තීරණ ‌ගෙන විභාග දින නියම කිරීමෙන් මතුව ඇති ගැටලුකාරී තත්වයන් සම්බන්ධයෙන් හා පාසල් විවෟත කිරීමට අදාළව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ අදහස ප්‍රකාශ කරමින් අද (15) පැවත්වූ මාධ්‍ය සාකච්ඡා‌ෙවේදී ‌මේ බව ප්‍රකාශ කළේ ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව බණ්ඩාර විසිනි.

ඔහු පළ කළ අදහස් සාරාංශයක් පහත පළ ‌වේ.
“සැප්තැම්බර් 7වැනිදා වනවිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන ඇමතිවරයා මාධ්‍ය මගින් නිවේදනය කළා.
මුත් පාසලවල තත්වය, සහ ඒම විභාගයට අදාළ දරුදැරියන්ගෙ මට්ටම ගත්තම ඔවුන් තවම මේ විභාගයට සූදානම් වෙමින් ඉන්නවාථ අධ්‍යයන කටයුතු අවසන් කිරීමට ප්‍රමාණවත් කාලයක් නෑ.
විශේෂයෙන් උසස් පෙළ කිසිදු අංශයක, කිසිදු විෂයධාරාවක විෂය නිර්දේශ අවසන් කරලා නෑ
කොරෝනා වසංගතය නිසා පාසල් වසා දැමුවෙ මාර්තු 13 වැනිදා. නැවත පාසල් ආරම්භ වෙන්නෙ ජූලි 7වැනිදා. පාසල් අධ්‍යාපන කටයුතු පමක් නෙවෙයි පෞද්ගලික අධ්‍යාපන කටයුතු පවා නතර වෙලා තිබෙන්නෙ.
මාස 3කට ආසන්න කාලයක් පාසල් පද්ධතිය වැහිලා තිබුණෙ.
නිවාඩු දින අතහැරියත් සක්‍රිය පාසල් කාලයෙන් දින 65ක් දරුවන්ට අහිමි වුණා. පහුගිය වසරෙ පාස්කු ඉරිදා ප්‍රහාරය නිසාත් දින 15ක් පාසල් දරුවන්ට අහිමි වුණා.
මේ නිසා දින 80ක කාලයක් අධ්‍යාපන කටයුතු මගහැරිලා තිබෙනවා.ඒහෙම තත්වයක් තුළ සැප්තැම්බර් 7 වැනිදා උසස් පෙළ විභාග පවත්වන්න තීරණය ආණ්ඩුව අරන් තියෙන්නෙ. ආවරණය වියයුතු විෂය නිර්දේෂය ආවරණය නොකර මේ විධියට උසස් පෙළ විභාග පවත්වන්න ආණ්ඩුව සූදානම් වෙනවා.
අගෝස්තු පවත්වන්න නියමිත වූ විභාලය සැප්තැම්බර් පවත්වන්න ආණ්ඩුව කටයුතු කරන බව කියනවා. මාස තුනක කාලයක් කරන්න බැරි වූ අධ්‍යාපන කටයුතුවලට, විෂය නිර්දේශය ආවරණය කරන්න ආණ්ඩුව කියන විධියට අමතර කාලය දින 25ක් හිමවෙලා තියෙනවා.
නමුත් ප්‍රශ්නය වෙන්නෙ දින 85කින් ආවරණය කරන්න අවශ්‍ය විෂය නිර්දේශය දින 25න් ආවරණය කරන්න පුලුවන්ද කියන ඒක.
ආණ්ඩුව කල්පනා කරන්නෙ ඒහෙම පුලුවන් කියලා නම් ඒ් කරන විදිය මේ රටේ ගුරුවරුන්ට තේරෙන්නෙ නෑ. ඒහෙම දින 80ක අධ්‍යාපන කටයුතු දින 25න් කරන ක්‍රමයක් දන්නවා නම් ගුරුවරුන්ට ඒ්ක කරන විදිය අනාවරණය කරන්න.
ඒහෙම අධ්‍යාපනය ලබාදෙන්න තියෙන ක්‍රමය මොකක්ද වැඩ පිළවෙළ මෙවැනි කෙටිකාලයක් තුළ දරුවන්, ශිෂ්‍යයන් ලෙස විශාල අභියෝගයක් සහිත විභාගයකට සූදානම් කරන ක්‍රමය පැහැදිලි කරන්න.
සමහර විට අපිට තේරෙන විදියට ආණ්ඩුව විභාගය පවත්වන්න තීරණය කරපු තර්කය ඔන්ලයින් ක්‍රමයට විෂ්‍ය නිර්දේශ ආවරණය කිරීම නිසා වෙන්න ඇති. ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන කටයුතු කළ නිසා මේ දින 25 ප්‍රමාණවත් කියලා හිතනවා ඇති.
නමුත් මේ රටේ සාතිශය බහුතරයක් ශිෂ්‍ය දරු දැරියන්ට ඒ් අවස්ථාව හිමි වෙලා නෑ. ඒහෙම සිතීමකින් විභාගය පවත්වනවා නම් මේ රටේ බහුතර දරු දැරියන්ට විශාල අසාධාරණයක් වෙනවා
විශේෂයෙන් මෙවර පළමු වතාවට විභාගයට ඉදිරිපත්වන දරු දැරියන්ට විෂය නිර්දේශයෙ ‌ොටසක් ආවරණය නොකර විභාගයට ඉදිරිපත්වීමෙන් විශාල අසාධාරණයක් වෙනවා. ආර්ථික හැකියාවක් සහිත දරුවන්ට ඔන්ලයින් හරි වෙනයම් ආකාරයකින් විෂය අධ්‍යයනයට ක්‍රම සපයා ගන්නවා. නමුත් ආදායම් අවම මට්ටමේ දපවුල්වල දරුවන්ට ඒ් පහමසුකම නෑ
ඒ් නිසා අපි ආණ්ඩුවට කියනවා, අහිමිව ගිය දින 85 පාසල් දරුවන්ට ලබා දීලා ඉන් පසුව විභාග වත්වන්න.
මේ තත්වය තුළ විභාග අපෙල්ක්ෂක දරු දැරියන් බලවත් ආතතියකට පත් වෙලා කලබල වෙලා ඉන්නෙ.
මේ තීරණය නිසා ගුරුවරු, අධ්‍යපාන නිලධාරින්ගෙන් අධ්‍යාපන විශේෂඥයන් යන අයගෙන් විමසා බලලද මේ තීරණය ගත්තෙ. අපි හිතන්නෙ මේ තීරණය ඒහෙම විමසා බැලීමක් ැතිවයි.
ඇමති මණ්ඩලය මේ තීරණය ගත්තා ම් අපි ආණ්ඩුවට ඒක දෙයක් කියනවා. කැබිනට් ඇමතිවරු ඔ්න ජෝගියක් නැටුවට කමක් නෑ, මේ රටේ ජනතාවගෙ දරුවන් ඒක්ක සෙල්ලම් කරන්න ඒපා. ඔබලා ටන ජෝගි නිසා මේ රටේ දරුවන්ගෙ ජිවිත අනතුරට, අවාසනාවට හෙළන්න ඒපා.
ප්‍රමාණවත් කාලයක් දරුවන්ට හා ගුරුවරුන්ට ලබා දීලා විභාගය පවත්වන්න කියලා අපි බල කරනවා.
ඒ්කාබද්ධ ගුරුසේවා සංගමය ලෙස අපි කියනවා, මාස 3 අධ්‍යාපන කාලය දරුවන්ට ලබා දෙන්න. ඉන් පස්සෙ ඒ් විභාගය පවත්වන්න කියලා.”
ඒකාබද්ධ ගුරු සේවා සංගමයේජාතික කමිටු සාමාජික අමිල සඳරුවන් ද ‌ෙමෙම මාධ්‍ය හමුවට සහභාගී විය.