தமிழ்
English
Contact
Friday 25th September 2020    
උසස් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් නොදී උද්ඝෝෂණ බෑ ! - ඇමති බන්දුල සරසවි ශිෂ්‍යයන්ට කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උසස් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් නොදී උද්ඝෝෂණ බෑ ! – ඇමති බන්දුල සරසවි ශිෂ්‍යයන්ට කියයි



මින්පසුව ශිෂ්‍යයන් විරෝධතා සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණෙනවා නම් වේලාසනින් තමන් දැනුවත්කරන ලෙස උසස් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන පවසයි.

පසුගිය දින උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධව ශිෂ්‍ය ව්‍යාපාරය විසින් විරෝධතා සංවිධානයකර තිබුණු අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරරිපිට විරෝධතා පැවැත්විණි. විශ්වවිද්‍යාලවල පවතින ගැටලු සම්බන්ධව සරසවි පාලනයට දැනුම් දුන්නද ඒවා විසඳන්නට නම් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හා විශේෂයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ බලපාන බව ශිෂ්‍ය ක්‍රියාකාරීහු පවසති. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රතිපාදන ඉහළ දැමීම සැමවිටම ඡන්ද පොරොන්දුවක් මිස ඇතිත අවශ්‍යතා සළකා ප්‍රතිපාදන ලබාදීමක් නොමැත. මේ තත්වය යටතේ උද්ඝෝෂණ හා පාගමන් හරහා ආණ්ඩුවටත් බලධාරින්ටත් ඉල්ලීම් ලබාදීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු ශිෂ්‍ය ව්‍යාපාරය වරින්වර ශිෂ්‍ය විරෝධතා කැඳවයි. පසුගිය දා මෙසේ අ.වි.ශි.බ.ම. මූලිකත්වයෙන් විරෝධතාවක් සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එහි ඇමතිවරයා නොමැති බව දැනගන්නට ලැබිණි. ඉන්පසු ඔවුහු ඇමතිවරයා පලැමිණ හෝ එසේත් නැත්නම් සුදුසු බලධාරියකු පැමිණ සිය ඉල්ලීම් දැනගත යුතු බව පවසමින් අමාත්‍යංශ පරිශ්‍රෙය් වාඩිගත්හ. එහිදී අතිරේක ලේකම්වරයකු හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියෝජිතයකු පැමිණ ඔවුන් හා සාකච්ඡා කිරීමෙන් පසුව ශිෂ්‍ය පිරිස පිටව ගියහ. මෙවැනි සාකච්ඡාවලදී නිලධාරින් මෙන්ම දේශපාලන නායකත්වය පොරොන්දු ලබා දෙන නමුත් කිසිවක් ඉටු වේදැයි විශ්වාසයක් නොමැති බව අ.වි.ශි.බ.ම. නියෝජිතයෙක් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.

කෙසේවෙතත් උසස් අධ්‍යාපන ඇමතිවරයා පවසන්නේ ත.මන් අමාත්‍යංශයේ නොමැති අවස්ථාවල ශිෂ්‍ය විරෝධතා සඳහා අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළුවීම තහනම්කරන බවයි.