தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
උසස් පෙළින් පසු හමුදා පුහුණුව අනිවාර්ය කරන්න - රතන හිමිගෙන් අනුශාසනාවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උසස් පෙළින් පසු හමුදා පුහුණුව අනිවාර්ය කරන්න – රතන හිමිගෙන් අනුශාසනාවක්



ඉදිරියේදී උසස් පෙළ සමත්වන සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හමුදා පුහුණුව ලබාදීමත්, ලංකාවේ ඉතිහාසය ඉගැන්වීමත් කළ යුතු බව පුජ්‍ය අතුරලියේ රතන හිමි අනුරාධපුරයේදී පවසන ලදී.

අනුරාධපුරයේ ඊයේ (15) පැවති ව්‍යාපාරික හමුවකදී රතන හිමියෝ ඒ බව සදහන් කර ඇත්තේ මෙසේය.

“මේ රටේ සියළුම පාසල් මිශ්‍ර පාසල් කරන්න ඕන. එකම පාසල් නිල ඇදුමක් ලබා දියයුතුයි. මුහුණ ඔළුව වහන්න බැහැ. ඒවා කරන්න ඔනේ නම් යන්න මැද පෙරදිගට. කන්නන්ගර මහත්තයා කිව්වා වාගේ මධ්‍ය විද්‍යාල, මහ විද්‍යාල, ප්‍රාථමික විද්‍යාල තියෙනවා සියළු දෙනා මේ පාසල්වලට යන්න. උසස් පෙළ සමත්වුණ ගමන් සියළු දෙනා හමුදාවට යන්න. හමුදා පුහුණුවක් දෙන්න. එතකොට අපි එක ජාතියක්. හැමෝම ලංකාවේ ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ. උතුරු නැගෙනහිර අය දෙමළ ඉගෙන ගත්තට කමක් නැහැ. අනිත් පැතිවල අය අපිට සිංහලෙන් කතා කරලා බඩු විකුණනවා නම් ඇයි සිංහල කතා කරන්න බැරි? මේ අධ්‍යාපන ප්‍රතිපත්තියට මේ අය එකගකරවා ගන්න ඕනේ. එකම ජාතික අධ්‍යාපන පද්ධතියක් සකස් කළ යුතුයි.“