தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
උසස් පෙළ සමතුන් විශ්ව විද්‍යාල බඳවාගැනීම් වැඩි කරනු! - සිසු ජන සත්‍යග්‍රහය අරඹති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උසස් පෙළ සමතුන් විශ්ව විද්‍යාල බඳවාගැනීම් වැඩි කරනු! – සිසු ජන සත්‍යග්‍රහය අරඹති



2019 උසස් පෙළ සමත් දරු දැරියන්ට සාධාරණයක් ඉටු කිරීමට ආණ්ඩුව දුන් පොරොන්දු කඩ කිරීම සම්බන්ධව විරෝධය පළ කරමින් ‘සිසු ජන ව්‍යාපාරය’ විසින් අගමැති නිල නිවස, අරලියගහ මන්දිරය අසළ අද(8) සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදී.

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය විෂය නිර්දේශ දෙකක් යටතේ පැවැත්වීමෙන් සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායම් දෙකම අතර ඉහළ මට්ටමේ සාමාර්ථයන් සිටියදී විශ්වවිධ්‍යාල බඳවාගැනීම්වලදී එක් විභාගයක සමතුන් ලෙස සළකා බඳවාගැනීම කප්පාදු කිරීම සිදු වී තිබේ.

මේ සම්බන්ධව එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ මව්පියන් විසින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හා ගෙන ගිය අරගලයේදී පාලකයන් විසින් අවසානයේ සාධාරණයක් ඉටුකරන බවට දුන් පොරොන්දුව මේ වනවිටත් ඉටුකර නැත.

මේ තත්වය තුළ සාධාරණයක් ඉල්ලා ඔවුන් ‘සිසු ජන ව්‍යාපාරය’ ලෙස අද දින අරලියගහ මන්දිරය අසළට පැමිණ නිශ්චිත විසඳුමක් ඉල්ලා සිටියද අගමැතිවරයා අගමැති කාර්යාලයේ හෝ නිලධාරින් කිසිවකු ඔවුන්ගේ ගැටලුව විසඳන්නට ඉදිරිපත් නොවු බැවින් සත්‍යග්‍රහය ආරම්භ කරන ලදී.