தமிழ்
English
Contact
Monday 6th July 2020    
එංගලන්තයේ සිටි සිසුන් පිරිසක් ලංකාවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එංගලන්තයේ සිටි සිසුන් පිරිසක් ලංකාවට



එංගලන්තයේ , ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 207 දෙනෙකු රැගෙන අද(4)දින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම සිසුන් පිරිස සහ ඔවුන්ගේ ගමන් මලු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජහරණය කිරීමෙන් පසු , ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඔවුන්ගේ බස් රථ මගින් නිරෝධායන කටයුතු සඳහා රැගෙන යෑම සිදු කෙරුණි.

ඒ අතර ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින දෙවන සිසුන් කණ්ඩායම මෙරටට රැගෙන ඒම සඳහා තවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ලන්ඩන් බලා පිටත්ව ගියේය .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන එම විශේෂ ගුවන් යානය අද 04 දින අලුයම 4.00 ට කටුනායක ගුවන් තොටුපළෙන් , ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය .

මෙම ගුවන් යානය 04 දින උදෑසන 10.40 ට ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට නියමිතය .