தமிழ்
English
Contact
Friday 16th November 2018    
එංගලන්තය හා කෝඒෂියාව ලෝක කුසලාන පාපන්දු අවසන් කණ්ඩායම් හතරට එක්වේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එංගලන්තය හා කෝඒෂියාව ලෝක කුසලාන පාපන්දු අවසන් කණ්ඩායම් හතරට එක්වේ



මෙවර සත්කාරක රට ලෙස රුසියානු කණ්ඩායම සිය ලෝක කුසලාන පාපන්දු තරගයේ  ඊයේ මොස්කව්හි පැවැති අර්ධ අවසන් තරගයෙන් කෝඒෂියා කණඩායම හමුවේ පරාජය ලබන්නට සිදුවිනි.

ඊයේ පැවැති මෙම තරගයේ කණ්ඩායම් දෙකම ගෝල දෙ බැගින් ලබා ගෙන තරගය ඉතා උණුසුම් තත්වයකට පත්විනි. ඉන් පසුව අතිරේඛ කාලයේදී ලබා දනු පැනල්ටි ප්‍රහාරයන් හමුවේ ගෝල 4-3ක් ලෙස රැසියානු කණ්ඩායම පරාජය කරන්නට කෝඒෂියා කණ්ඩායම සමත්විය.

මෙම තරගය ජයගැනීමත් සමග කෝඒෂියා කණ්ඩායමට අවසන් කණඩායම් හතර අතරට එක්වීමට හැකියාව ලැබුනි.

මේ අනුව කෝඒෂීයානු කණ්ඩායමක් වසර 20 කට පසුවයි  මෙවර ලෝක කුසලාන අර්ධ අවසන් තරග අතරට පැමිණිමට අවස්ථාව උදාකර ගනු ලබන්නේ. මීට පෙර ඔවුන් 1998 වසරේ ප්‍රංශය හමුවේ 2-1 ලෙස පරාජයට පතව තිබේ.

රුසියාවේ සමාරහි ඊයේ පැවැති එංගලන්තය හා ස්වීඩනය අතර පාපන්දු තරගයෙන් 2-0ක් ලෙස එංගලන්ත කණ්ඩායමට ජයගත් අතර මේ අනුව එංගලන්ත කණ්ඩායමට මෙවර පාපන්දු  ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් හතර අතරට එක්වීමට හැකියාව ලැබුනි.

ඊයේ පැවැති තරගයෙන් හැරී මගුයිරි හා ඩිලී අලී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ගෝල දෙක ලබා ගැනීමට සමත්විය. ඊයේ තරගයේදී ස්වීඩන් ක්‍රීඩකයින්ට කිසිදු ගෝලයක් ලබා ගැනීමට හැකියාව නොලැඹුනි.

එංගලන්ත කණ්ඩායමක් ලෝක කුසලාන අවසන් කණ්ඩායම් හතර අතරට සුදුසුකම් ලබන්නේ වසර 28කට පසුවය. ඔවුන් අවසන් වරට 1990දී ඉතාලිය හා තරගවැදී 2-0 ලෙස පරාජයට පත්ව තිබුනි.




Related News