தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
එකදිගට මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයට හානිකරයි ! - පැෆරල් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එකදිගට මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයට හානිකරයි ! – පැෆරල්



පවතින තත්වයන් යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ආරක්ෂා කිරීමට නම් කල්දැමූ මැතිවරණ ඉක්මනින් පැවැක්වීම මෙන්ම එළඹෙන ජනාධිපතිවරණය ඒ සමග පැවැත්වීම අත්‍යවශ්‍ය බවට සිවිල් සමාජ කණ්ඩායම් හා සංවිධාන කරුනු ඉදිරිපත්කර ඇත.

මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මෙන් මැතිවරණ පෝලිමක් මගින් ජනතාවගේ ස්වාධීන තීරණ අභිබවා මැතිවරණ රැල්ලක් මවා පළමුව පවත්වන මැතිවරණයේ ප්‍රතිපලය විසින් ඇතිකරන බලපෑම ඉන්පසු මැතිවරණ ජයග්‍රහණය කරවීමේ උපක්‍රමයට ආණ්ඩුව ගමන් කරනු ඇත. කෙසේවෙතත්, 2019 දෙසැම්බර් 9 වන දිනට පෙරාතුව මැතිවරණයක් පවත්වා ජනාධිපතිවරයෙකු තෝරා ගත යුතුව ඇත. පැෆ්රල් සංවිධානය ජනාධිපතිවරයා,  අග‍්‍රාමාත්‍යවරයාට සහ කථානායකවරයා ලිපියක් යොමු කරමින් මේ කරුණු අවධානයට යොමුකරන මෙන් ඉල්ලා ඇත.

මේ වන විට ඌව පළාත් සභාව හැර සෙසු පළාත් සියල්ලම මහජන නියෝජිතයන්ගෙන් තොරව ආණ්ඩුකාරවරයන් යටතේ පාලනය බව බවද ඌව පළාත් සභාවේ නිල කාලයද ඔක්තෝබර් මාසය වන විට අවසන් වීමට නියමිත නමුත් පළාත් සභා නව මැතිවරණ ක‍්‍රමයට අනුව පවත්වන්නට අවශ්‍ය සීමා නීර්ණය අවසන් කරන්නට තවමත් අපොහොසත් වී ඇති බව ඔවුන් එහි සඳහන් කර ඇත.

නැවත වරක් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ඇති නීතිමය ඉඩකඩ පරීක්ෂා කිරීමට ජනාධිපතිතුමන්ගේ පාර්ශවයෙන් උත්සහයක් ගන්නා අතරම ජනාධිපතිවරණය 2019 දෙසැම්බර් 9 වන දිනට පෙරාතුව පවත්වා ජනාධිපතිවරයෙකු තෝරා ගතයුතුව ඇත.

කෙසේවුවද මෙම මැතිවරණ දෙකම එකම දිනයක පැවැත්වීමට හැකිවන පරිදි පළාත් සභා මැතිවරණ ක‍්‍රමයට අදාල නීතිය සංශෝධනය කිරීම හෝ වර්තමාන නීතිය බලාත්මක වන දිනය ඉදිරියට ගෙන යාම මගින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩකඩ සලසන ලෙසට වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධානීන් ලෙස ජනාධිපතිවරයාගෙන්, අග‍්‍රාමාත්‍යවරයාගෙන් සහ කථානායකවරයාගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින පැෆ්රල් සංවිධානය දන්වා ඇත.

මේ නිසා මහජනතාවගේ මුදල් අනිසි ලෙස වැය වීම වලක්වා ගත හැකි අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කරන ආකාරයට අවම වශයෙන් කෝටි 200 ක මුදලක් ඉතිරි කරගත හැක.

එසේම මැතිවරණ දෙකක් කෙටිකාලයක් තුළ පැවැත්විමට ක‍්‍රියාකලහොත් එම මාස 6 කාලය තුළම ආණ්ඩුවේත් විපක්ෂයේත් සියලූම දේශපාලනඥයන් සිය මහජන කාර්යය පසෙක තබා සිය පක්ෂයේ මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කරනු ඇත. එය රටේ සංවර්ධනයටත් ජනතාවගේ එදිනෙදා පැවැත්මටත් අහිතකර ලෙස බලපෑ හැකිය.

එබැවින් මෙම මැතිවරණ දෙක එකවිට පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන පාර්ලිමේන්තුව තුළ සකස් කිරීමට අවශ්‍ය නායකත්වය ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන්, අග‍්‍රාමාත්‍යවරයාගෙන් සහ කථානායකවරයාගෙන් පැෆ්රල් සංවිධානය ඉල්ලා ඇත.