தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
එක්වර රට විවෘත කිරීම අනතුරුදායක බව සෞඛ්‍ය අංශවල මතයයි - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එක්වර රට විවෘත කිරීම අනතුරුදායක බව සෞඛ්‍ය අංශවල මතයයි – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත්



පවතින වසංගතයේ ව්‍යාප්ති තත්වය හේතුවෙන් රට එකවර විවෘත කිරීම අනතුරුදායක වියහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ සෞඛ්‍ය නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් මාධයවේදින් කළ විමසීමකදීය.

සෞඛ්‍ය අංශයේ මතය අනුව, එය අනතුරුදායක බව පෙන්වා දෙන තත්වයක් නිසා රට නැවත විවෘත කළ යුත්තේ පියවරෙන් පියවර ක්‍රමානුකූලව බවත් ඒ ආකාරයට රට විවෘත කිරීමෙන් වසංගත ගැටලුව පාලනය කිරීම හා ව්‍යාප්තිය කළමනාකරණය කර ගත හැකි වනු ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

රට විවෘත කළත් ජනතාව සෞඛ්‍යය නීති දිගටම පිළිපදිමින් ඥානාන්විතව කටයුතු කළ යුතු බව පැවසූ හෙතෙම එසේ කටයුතු නොකළහොත් කොරෝනා රැලි තවත් ඇතිවීම වැළැක්විය නොහැකි බවද කීවේය.