தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
එක්සත් ජනපදය පළමු තැන, චීනය දෙවැනි තැන ගෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල අවසාන වේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එක්සත් ජනපදය පළමු තැන, චීනය දෙවැනි තැන ගෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල අවසාන වේ



2021 දක්වා කල්දමනු ලැබූ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ඊයේ(8) නිල වශයෙන් අවසන් බව නිවේදනය කරන ලදී.

2024 පැරීසියේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කරායාම සංකේතවත් කරමින් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාංගණය තුළ ප්‍රංශ ධජය එසවීමෙන් පසු ක්‍රීඩා උළෙල අවසන් කළ බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් ප්‍රකාශ කළේය. ක්‍රීඩාංගණයේ කෙටි ප්‍රදර්ශන රංගනයකින් පසුව, ඔලිම්පික් ගිනි දැල්ල නිවා දැමීම සිදු විය.

අමෙරිකා එක්සත් ජනපදය හා චීනය මෙවර වැඩිම පදක්කම් ලාභී රාජ්‍යයන් ලෙස පිළිවෙළින් පළමු හා දෙවැනි තැනට පත්වූයේ කිසියම් තරගකාරී තත්වයක් තුළ බව පැහැදිලි වූ අතර ජපානය තෙවැනි පදක්කම් ලාභී රාජ්‍ය විය. ආසියානු කලාපයෙන් ඉන්දියාව රන්පදක්කමක් දිනාගත් රාජ්‍ය විය. ඔලිම්පික් තරගාවලියට සහභාගි වූ රටවල් 206ක් අතුරින් එක් හෝ පදක්කමක් දිනාගත් රාජ්‍යයන් 93 අතරට පැමිණීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9ක් මෙන්ම ක්‍රීඩා නිලධාරින් සහ අමතර පුද්ගලයන් 72ක් ටෝකියෝ නගරයට යැවූ ලංකාවට නොහැකි විය.

පහත සටහන් වන්නේ මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වැඩි වශයෙන් ජයග්‍රහණ දැක්වූ රාජ්‍යයන් කිහිපයකට පදක්කම් ලැබී ඇති ආකාරයයි.

(මූලාශ්‍රය – දිනමිණ)