தமிழ்
English
Contact
Friday 14th May 2021    
එක්සත් ජනපදය ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට ඇතුලු වීමේ උත්සාහයක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එක්සත් ජනපදය ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට ඇතුලු වීමේ උත්සාහයක් !



අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි අලයිනා බී ස්ටෙප්ලිටිස් විසින් විදුලි බලාගාර ව්‍යාපෘතියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීම නිසා අමෙරිකා එක්සත් ජනපදය මෙරට බලශක්ති ක්ෂේත්‍රය වෙත කඩාපැනීමේ උත්සාහය නිශ්චිත වී තිබේ.

අද(15) Sunday Times පුවත්පත වාර්තාකර ඇති ආකාරයට කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් එක්සත් ජනපද සමාගම් දෙකක් වෙනුවෙන් ‘අපේකෂා නොකළ යෝජනා‘ ආණ්ඩුවට ඉදිරිපත්කර තිබෙන අතර කැබිනට් ඇමතිවරු ඒ යෝජනා පිළිගැනීමට කටයුතු කරමින් සිටී. එම පුවත්පත් වාර්තාවට අනුව, එක්සත් ජනපදයේ New Fortress සහ General Electric යන ප්‍රකට සමාගම් හදිසි බලශක්ති අවශ්‍යතා සැපිරීම සඳහා LNG බලාගාරපිහිටුවීමට අමෙරිකන් තානාපතිනි අලයිනා බී ස්ටිප්ලිට්ස් යෝජනා ඉදිරිපත්කර ඇත. බලශක්ති ඇමති ඩලස් අලහප්පේරුම විසින් අගෝස්තු මහමැතිවරණයට පෙරාතුව කැබිනට් පත්‍රිකාවක් හරහා මෙම විදුලි බලාගාර යෝජනා ඇමති මන්ඩලයට ඉදිරිපත්කර ඇත.

ඒ අනුව, මෙම ව්‍යාපෘතිය හරහා අමෙරිකානු රජය විසින් විදුලිබලය කිලෝවොට් පැය 1ක් රු. 18.29ක මුදලකට ආණ්ඩුවේ විදුලි බල මණ්ඩලයට විකිණීම සඳහා වසර 5ක කාලසීමාවක් සඳහා ගිවිසුම් අත්සන් කිරීමට අපේක්ෂිතය. එහිදී මෙගාවොට්330ක් උපදවන විදුලි බලාගාරයක් ඉදිකිරීම, හිමිකරගැනීම හා පවත්වාගෙනයාම(BOO) යන පදනමින් ගිවිසුම් මගින් ආණ්ඩුව එකඟ වේ.

පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ විවිධ කතා පවසමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව, පසුගිය රනිල්-මෛත්‍රී ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවද අවසාන වශයෙන් පරිසරයට හානිකර ඉන්ධන බලාගාර ඉදිකිරීම සිදුකරයි. මෙම දැවැන්ත ආයජෙන වෙනුවෙන් එක්සත් ජනපද තානාපතිනිය වෙළ නියෝජිතවරියක ලෙස ඉදිරිපත්ව සිටින අතර සමාගම්වල ලාභය වෙනුවෙන් සහ එහිදී හිමිවන කොමිස් වෙනුවෙන් පාලකයන් කටයුතු කරමින් සිටී.