தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ට්‍රම්ප් පසුපසින්, අවසන් ප්‍රතිඵල තීරණාත්මකයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ට්‍රම්ප් පසුපසින්, අවසන් ප්‍රතිඵල තීරණාත්මකයි



එක්සත් ජනපද ජනාධිපතිවරණයේ මැතිවරණ විද්‍යාල ක්‍රමයේ ආසන 264ක් ජෝ බයිඩන් විසින් හිමිකර ගෙන ජයග්‍රාහී 270 ඉලක්කය වෙත ආසන්න වෙද්දී ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් හිමිකරගෙන ඇත්තසෙන 214ක් පමණි.

මෙම පසුබිම තුල මැතිවරණ ප්‍රතිඵල වංචා කරන බවට ට්‍රම්ප් විසින් දිගින් දිගටම චෝදනා කරන අතර ඔහුගේ ආධාරකරුවන් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන අසළ ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන තත්වයක් මතුව ඇත. ට්‍රම්ප් විසින් මැතිවරණයට පෙර සිදුකරන ලද ප්‍රකාශයකට අනුව, ඔහුව පරාජය කළ හැකි වන්නේ ඡන්ද කොල්ලයකින් පමණයි, යන අදහස මත ඔහුගේ ආධාරකරුවන් මෙසේ ප්‍රකෝපකාරී හැසිරීම් වෙ. ගමන් කරමින් සිටින බව නිරීක්ෂකයෝ පවසති. මැතිවරණයට පෙර එවැනි අදහස් ප්‍රකාශ කිරිමෙන් මැතිවරණ ක්‍රමය සම්බන්ධ අවිශ්වාසයක් මෙන්ම මැතිවරණ කාර්ය මන්ඩලය කෙරෙහි සැකයක් ඇති කරමින් පරාජයට මුහුණ දෙන්නට ට්‍රම්ප් සූදානම් වූවාදැයි අනුමාන කළ හැකි බව ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වෙතත් ජයග්‍රාහී ඉලක්කය වෙත යමින් සිටින බයිඩන් ප්‍රකාශ කරන්නේ සියලු දෙනා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කරන තෙක් ඉවසිලිවන්තව හා සංසුන්ව සිටිම අවශ්‍ය බවයි. මේ අතර ඉදිරියේදී ප්‍රකාශයට පත් වීමය නියමිත පෙන්සිල්වේනිය, නෙවාඩා, උතුරු කැරොලයිනා සහ ජෝර්ජියා ප්‍රාන්තවල ප්‍රතිඵල ජනාධිපතිවරයා කවුරුන්ද යන්න තීන්දු කිරීමේදී තීරණාත්මක බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.