தமிழ்
English
Contact
Thursday 5th December 2019    
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් පොම්පෙයෝ ලංකාවට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් පොම්පෙයෝ ලංකාවට!



ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ජූනි මස අගභාගයේ ලංකාවේ සංචාරයක් සදහා පැමිණෙන බවට ඇමෙරිකා  රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ලංකාව වෙනුවෙන් ඇමෙරිකාවේ සහෝදරත්වය පළ කිරීම ද මෙම රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරයේ අරමුණ බව පවසන එම නිවේදනය, මයික් පොම්පෙයෝ ලංකාවට අමතරව ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් කිහිපයකද සංචාරය කිරීමටො නියමිත බව පවසයි.

ඒ අනුව එක්සත් ජනපදයේ මිත්‍ර කලාපීය බලවතා ලෙස 24 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණෙන අතර එරට සංචාරය කිරීමෙන් පසු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට  සංචාරය කරනු ඇත. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට දේශපාලන නායකයන් හමුවෙමින් ‘ඉන්දු ‐ පැසිෆික් කලාපය සඳහා පොදු එකඟතාවයෙන් යුතුව ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කර ගැනීම‘ පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

එක්සත් ජනපදය මේ වනවිට චීනය සමග වෙළද යුද්ධයක පැටලී ඇති අතර ආසියා – පැසිෆික් කලාපීය රටවල් සමඟ සිය අරමුනු වෙනුවෙන් කටයුතු කරන්නට හා චීනයට ප්‍රතිරෝධී සහයෝගිතාවක් බිහි කරන්නට ‘ඉන්දිය සාගර කලාපයේ සාමය‘ යන සටන් පාඨය ඉදිරිපත් කර ඇත. මින් පෙර ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයකු ලෙස ජෝන් කෙරී දිවයිනට පැමිණියේ 2015 වසරේදීය.