தமிழ்
English
Contact
Friday 16th November 2018    
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් එක්සත් ජනපදය ඉවත් වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් එක්සත් ජනපදය ඉවත් වෙයි



පසුගිය 18 වැනි දින ජිනීවා පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්  කවුන්සිලයෙන් පසුව තම රට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයෙන් ඉවත්වන බව ඊයේ ප්‍රකාශකර කර තිබේ.

එරට රාජ්‍ය ලෙක්ම් මයික් පොම්පේ හා එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද නිත්‍ය නියෝජිත නීකී හේලි  වොෂීංටන්හි පිහිටි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවෙදී ප්‍රකාශකර ඇත. මින් ඉදිරියට සිය රට මානව හිමිකම් සංවිධානයේ සාමාජිකයිකු ලෙස කටයුතු නොකරනබව ඔවුගේ නිවේදනයෙන් පැවැසේ.

එසේ ඉවත්වීම පිළිබදව ප්‍රකාශයට අනුව රටවල් 47 නියෝජිතයින්ගේ සමන්විත මානව හිමිකම් කවුන්සිලය විසින් පසුගිය වසරකට වැඩි කාලයක් තුල එක්සත් නපදය විසින් මේ පිලිබදව සැලකිය යුතු උද්ඝෝෂණයක් ගෙන ගියක් එම තත්වය වෙනස් කිරීමට නොහැකිවූ බව මියික් පොම්පේ පවසා තිබේ. එම කාලය ත- නීකී හේලිගේ නිර්භය මැදිහත්වීම පවා එහි ඊශ`්‍රායෙල් විරෝධී ස්ථාවරය වෙනස් කිරීමට ඇයටද නොහැකිවූ බවද එහිදී අවධාරණය කර තිබේ. වසර එකහමාරක් තුල මානව හිමකම් සංවිධානයේ සංයුතිය වෙනස් කිරීමේ යෝජනාවක් පවා සිය නියෝජිතයා හරහා කළ බවත් අවසානයේ ඒ කිසිවක් ඉෂ්ඨ නොවූ බවත් එබැවින් ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය නියෝජිතියා ඉවත් කිරීමේ තීරණය ගත් බවද මෙහිදී මයික් පොම්පේ පවසා තිබේ.

පසුගිය කාලය පුරාම මානව හිමිකම් සංවිධානය විසින් ඊශ්‍රායලයට එාරහිව විවිධ අවස්ථාවල යෝජනා සම්මත කරගෙන තිබේත එසේ සම්මත කිරීඹට සිදුව ඇත්තේ පලස්ථීන වැසියන්ට එරෙහිව ඉතා අමානුෂික ලෙස දිදිගන් දිගටම ඊශ්‍රායලයට කටයුතු කරන නිසාවෙනි.
පසුගිය මස 14 වැනිදින පමණක් නිරායුද පලස්තීන උද්ඝෝෂකයින්ට වෙඩි තබා පලසතීනුවන් සිය ගණනක් මරා දැමූ අතර තවත් පහලොස් දහසක් පමණ තුවාල සිදුව තිබේ.

එවැනි ක්‍රියාවන්ට එරෙහි නොව මානව හිමිකම් සංවිධානයක් කුමටද එක්සත් ජනපදයේ අවශ්‍යතාවයන්ට අනුව මෙහෙයෙවීමට නොහැකිවීම හේතුවෙන් මානව හිමිකම් සංවිධානයට අභූත චෝදනා එල්ලකර හයට දෝෂාරෝපණය කරමින් මනව හිමිකම් සංවිධානයෙන් ඉවත්වීම නොව කලයුතුව තිබුනේ ඊශ්‍රායෙල් අපරාධවලට එරෙහිව සෘජුව කටයුතු කරන රටවලට සහාය ලබා දෙමින් ඊශ්‍රායෙල් අපරාධ නැවැත්වීමට ක්‍රියාකාරීව මැදිහත්වීමය.