தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීන ජනයා ආරක්ෂා කළ යුතුයියැයි යෝජනා කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීන ජනයා ආරක්ෂා කළ යුතුයියැයි යෝජනා කරයි



එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගිය බදාදා පලස්තීන ජනතාව ආරක්ෂා කිරීමේ නව යෝජනාවක් සම්මත කරයි. පසුගියදා ගාසා තීරයේ පැවැති පලස්තීන ජනතාවගේ උද්ඝෝෂණයට වෙඩි තබා සියයකට ආසන්න පිරිසක් ඝාතනය කිරීම පිළිබදව ඊශ්‍රායලය ගත් ක්‍රියා මාර්ගය හෙළා දකිමින් රටවල් 120ක් සහයෝගයෙන් නව යෝජනාවක් සම්මත කර තිබෛ්. පලස්තීන ජනතාවගේ ආරක්ෂාව පිළිබදත් ඔවුන්ට උද්ඝෝෂනය කිරීමේ ඇති අයිතිය පිළිබදවත් මෙහෙිදී දැඩිව අවධාරණය කර තිබේ.

මෙම යෝජනාවට පක්ෂව රුසියාව ඇතුලු රටවල් 120කගේ සහාය හිමිව තිබේ. එක්සත් ජනපදය හා ඊශ්‍රායලය ඇලු තවත් රටවල් අටක් යෝජනාවට විරුද්ධවී තිබේ. තවත් රටවල් 45ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බව විදෙස් මාද්‍ය හෙළිකරයි.

එම ප්‍රහාරයේදී ඊශ්‍රායලය විසින් සිය බලය ප්‍රමාණය ඉක්මවා යොදවමින් උද්ඝොෂණයේ යෙදුනු පලස්තීන නිරායුධ ජනතාව සිය ගණනක් ඝාතනය කිරීම හා දහස් ගණනකට සිදුකර ඇති බවත් එම ක්‍රියා මාර්ගය ඊශ්‍රායලය විසින් සය බලය අනවශ්‍ය ලෙස යොදවා එල්ල කරන ලද ප්‍රහාරයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සලකයි.

නව යෝජනාවෙන් පලස්තීන ජනයාගේ ආරක්ෂාව පිළීබදව විශේෂයෙන් ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින ප්‍රදේශවල් වෙසෙන පලස්තීන ජනයාගේ ආරක්ෂාව පිළිබදවත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ වැඩපිළිවෙල ජාත්‍යන්තර යාන්ත්‍රණයක් යටතේ සිදු කිරීමට මෙහිදී යෝජනා කර තිබේ.

ඒ පිළිබදව සොයා බලා පරීක්ෂණයක් කිරීමටත් දින 60 තුල එක්ස්ත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත එම වාර්තාව ලබාදීමටත් යෝජනාකර තිබේ.




Related News