தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
එක් අයෙකුගේ වගකීම් විරහිත හැසිරීම නිසා පානදුර කැළඹෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එක් අයෙකුගේ වගකීම් විරහිත හැසිරීම නිසා පානදුර කැළඹෙයි



පානදුර මහවිල ප්‍රදේශයේ විදේශයේ සිට පැමිණි පිරිසක් සමඟ වාසය කළ ගැබිණි මවකට කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමඟ පානදුර ප්‍රදේශයේ ජනතාව භීතියට පත්ව තිබේ. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම කාන්තාව පානදුර නර්සින් හෝම් නමැති පෞද්ගලික රෝහල සහ කේතුමතී රෝහල වෙත ප්‍රතිකාර ගැනීම සඳහා ගොස් තිබීමයි. අදාළ නිවැසියන්ට ස්වයං නිරෝධයනයේ සිටින ලෙස දන්වා තිබුනත් එම කාන්තාව ඒ ගැන සැළකිලිමත් නොවී මෙම ස්ථාන වෙත ගොස් තිබේ. ඇයට කොරෝනා වයිරසය අසාදිත බව සොයාගෙන තිබෙන්නේ ඊට පසුවයි.

මේ වනවිට පානදුර නර්සින් හෝම් නමින් හැඳිවෙන සත්තු නිවාසයට සීල් තබා තිබෙන අතර කේතුමතී රෝහලේ අදාළ කාන්තාවට ප්‍රතිකාර කළ හෙදියන්ට ස්වයං නිරෝධයනයේ සිටින ලෙස උපදෙස් ලබාදී තිබේ. ඊට අමතරව මෙම ගැබිණි කාන්තාවගේ පුංචි අම්ම කෙනෙකු ප්‍රතිකාර සඳහා ගිය පානදුර ප්‍රදේශයේ සචිත්‍රා නමැති රෝහලට යාමට ජනතාව බියක් දැක්වීම නිසා මේ වනවිට එය වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එසේම ගැබිණි කාන්තාව වාසය කළ නිවසේ සිටි පිරිස ප්‍රදේශයේ නොමැති බවද වාර්තා වේ.

කෙසේවෙතත් සෞඛ්‍ය අංශ පවසන්නේ ජනතාව රෝහල් වෙත පැමිණීමට බියක් දැක්වීමේ අවශ්‍යතාවයක් නැති බවත් යම් රෝගයක් ඇත්නම් වහාම ළඟම ඇති රෝහල වෙත පැමිණෙන ලෙසයි.