தமிழ்
English
Contact
Friday 16th November 2018    
එකා පිට එකා මැරුවත් ජයග්‍රහණයෙන් මිස ආපසු හැරීමක් නෑ! - හෝමාගම ජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එකා පිට එකා මැරුවත් ජයග්‍රහණයෙන් මිස ආපසු හැරීමක් නෑ! – හෝමාගම ජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය



හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කේන්ද්‍ර කරගෙන පිහිටුවන්නට යෝජිත තාක්ෂණ නගරය නිසා ඉඩම් අහිමි කිරීම හා පාරිසරික විනාශය පිළිබද විරෝධය පළ කරන්නට ‘හෝමාගම ජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය‘ විසින් අද (11) දින කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක් හා පාගමනක් පවත්වන ලදී.

“යෝජිත තාක්ෂණ නගරය මුවාවෙන්, වගාබිම්, නිවාස, පරිසරය, ජනජීවිත ‌‌කොල්ලකෑම නවතනු!“ යන සටන්පාඨ ඔස්සේ මෙම විරෝධතා ව්‍යාපාරයට හෝමාගම ප්‍රදේශවාසින්, වාමාංශික පක්ෂ හා බහුජන සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගි වූහ. ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ආණ්ඩුව විසින් හොර රහසේ ගෙන යන සැලසුම් හෙළිකරන ලෙසත් ජනයාට අයිති ඊඩම් වනසමින් පාරිසරික හානි ගෙන දෙමින් මෙවැනි ව්‍යාපෘතියක් කරගෙන යාමට පෙර පාරිසරික ඇගයුම් හා සිදුවන සියල්ල අනාවරණය කළ යුතු බවද එහිදී අවධාරණය කෙරිණි.

මෙම විරෝධතාවයට සහභාගි වූ බහුජන සංවිධාන නායකයන් හා ප්‍රෙද්ශවාසින් නියෝජනය කරන නායකයන් ප්‍රකාශ කළේ ආණ්ඩුවේ වැරදි ආර්ථික සැලසුම් වෙනුවෙන් බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යංශය විසින් ගෙන යන කුමන්ත්‍රණකාරි වැඩ පිළිවෙළ පරාජය කරන්නට ධෛර්යයෙන් සටන් වදින්නට සියලු බලවේග ඒකරාශි කරන බවයි. සංවර්ධනයට එරෙහිව නොව, මෙම අරගලය, ව්‍යාජ සංවර්ධන පොරොන්දුවලින් යටපත් කරන ජනතාවගේ සාධාරණ අයිතින් ආරක්ෂා කරගැනීම සදහා ඉදිරියට යන්නක් නිසා එකාපිට එකා වැටුණත් සියලු බලවේග ඒකරාශි කරගෙන ජයග්‍රහණය කරා යන බව අදහස් පළ කළ නියෝජිතයෝ අවධාරණය කළහ.