Posted on 01.13.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා පත් කිරීම් සිදුකර ඇත.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වී තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පත් කර ඇති අතර උප නායක ලෙස හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පත් කොට ඇත.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාලිත රංගේ බණ්ඩාර පත්කොට ඇති අතර භාණ්ඩාගාරික ලෙස ඒ.එස්.එම්. මිස්බා තේරී පත්ව තිබේ.