Posted on 12.02.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මින් ඉදිරියට බුද්ධිමත්, වැඩක් කළ හැකි, යථාර්ථය තේරුම් ගත හැකි අලුත් මුහුණුවරකින් පක්ෂය ඉදිරිපත් නොවුනහොත් ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂයට දායකත්වය දීමට සූදානම් නැතැයි හර්ෂද සිල්වා පවසා තිබේ. එසේම එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කළ චෝදනා අසත්‍ය බව රටේ ජනතාවට පෙන්වා දීමට තම පක්ෂය අපොහොසත් වූ බවද හිටපු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා කීය.
සජිත් ප්‍රේමදාස පරාජය වූයේ ඔහුගේ ප්‍රශ්නයක් නිසා නොව කාලයක් තිස්සේ පැවති ප්‍රශ්නයක් නිසා බවත් පක්ෂයට ඉදිරිපත් කළ චෝදනා දැන් හෝ නිවැරදි කර රටේ ජනතාවට පෙන්විය යුතු බව ද කීය. පක්ෂයට ඉදිරිපත් කළ චෝදනා නිවැරදි කිරීමට නායකත්වයට නොහැකි වූ බව ද ඔහු ප්‍රකාශ කළේය.