Posted on 11.26.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එම පක්ෂයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් කළ යුතු බවට වන යෝජනාවක් පක්ෂයේ සියලු දිස්ත්‍රික් කළමනාකරුවන් විසින් ඒකමතිකව ඊයේ (25) සම්මත කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික්ක සහ කලාප සංවිධායකවරුන්ගේ විශේෂ හමුවක් පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ හිටපු ඇමැති සාගල රත්නායක මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.
ඉදිරි දින කිහිපය තුළ පක්ෂ යාන්ත්‍රණය පණ ගැන්වීමට ගත යුතු ක්‍රියාමාර්ග රැසක් ද මෙහිදී තීරණය වී ඇති බව වාර්තා වේ.