தமிழ்
English
Contact
Monday 26th October 2020    
එජාප බලපොරය විසඳගන්න කරූගෙන් උදව් ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එජාප බලපොරය විසඳගන්න කරූගෙන් උදව් ඉල්ලයි



එක්සත් ජාතික පෙරමුණ ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරිමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මේ වන විට පැන නැගී තිබෙන මත ගැටුමට අදාළ දෙපාර්ශවය අතර සාකච්ඡාවක් ඊයේ (09) දින පෙරවරුවේ හිටපු කථානායක කරු ජයසුරියගේ මැදහත් වීමෙන් පැවැත්වී තිබේ.

පසුගිය 8වනදා පැවති සාකච්ඡාවට දෙපාර්ශවයේ දේශපාලන නියෝජිතයන්ද ඊයේ පෙරවරුවේ පැවති සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ නීතිඥවරුද සහභාගි වී ඇත.

සමතයකට මැදහත් වන්නැයි දෙපාර්ශවය විසින්ම හිටපු කථානායකවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පැවති මෙම සාකච්ඡාව පවත්වා ඇත.

මේ දක්වා අවසන් තීරණයකට ඒළඹ නොමැති නමුත් දෙපිරිසටම අවංක වුවමනාවක් පවතින්නේ නම් සමතයකට පැමිණිම සඳහා තව දුරටත් මැදහත්ව කටයුතු කිරිමට තමා පසුබට නොවන බව හිටපු කථානායක කරු ජයසුරිය මෙහිදි පවසා තිබේ.