தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
එජාප මන්ත්‍රීධූරයට රනිල් නම් කරමින් ගැසට් නිවේදනය නිකුත් වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එජාප මන්ත්‍රීධූරයට රනිල් නම් කරමින් ගැසට් නිවේදනය නිකුත් වෙයි



එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා රනිල් වික්‍රමසිංහ පත් කරන බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව අද පස්වරුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට රනිල් වික්‍රමසිංහ පත්කරන ලෙස එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මැතිවරණ කොමිසමෙන් ලිඛිතව ඉල්ලා තිබුණි.

රනිල් වික්‍රමසිංහ මේ මස 22 දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට නියමිතය