தமிழ்
English
Contact
Friday 29th May 2020    
රනිල්ට විතරක් සහය දක්වන්න - අකිල එජාප සාමාජිකයන්ට තග දමයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රනිල්ට විතරක් සහය දක්වන්න – අකිල එජාප සාමාජිකයන්ට තග දමයි



මහ මැතිවරණය සඳහා අලියා ලකුණ යටතේ තරඟ කරන අපේක්ෂකයන්ට පමණක් සහය දක්වන ලෙස එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පක්ෂයේ පළාත් පාලන සහ ප්‍රාදේශීය සභා මනියෝජිතයන්ගෙන් ඉල්ලා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමුකරමින් අකිල විරාජ් මේ බව පවසා ඇත.

එම ලිපිය මගින් දැන්වා ඇත්තේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අලියා ලකුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වීමේ යෝජනාව අනුමත කර ඇති බැවින් සියලුම ප්‍රාදේශීය සභා සහ පළාත් පාලන නියෝජිතයින් එම ලකුණ යටතේ තරඟ වදින අපේක්ෂකයන්ට පමණක් සහය දැක්විය යුතු බවයි. කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලබන තීරණවලට එකඟ වීමට පක්ෂයේ සියලු දෙනා බැඳී සිටින බැවින් එම තීරණයට එකඟ නොවන අයවලුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද මහ ලේකම්වරයා ලිපියේ දක්වා ඇත.